යාපනය චුන්නාකම්හි වෙළසැලක් අසලදී ඊයේ (23) පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් පිරිස සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් 05 ක් විසින...
යාපනය චුන්නාකම්හි වෙළසැලක් අසලදී ඊයේ (23) පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් පිරිස සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් 05 ක් විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇති බව චුන්නාකම් පොලීසිය ප්‍රකාශ කරයි.
අදාළ පොලිස් කණ්ඩායම් 05ට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් තවත් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවද චුන්නාකම් පොලීසිය සඳහන් කළේය.
ඊයේ දුන්කම් වෙළඳසැල් වලින් කප්පම් ලබා ගන්නා පුද්ගලයින් 06 දෙනෙකු සමග ඇති වූ ගැටුමකින් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කළ අතර අදාල කප්පම්කෙරුවන් විසින් ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇත්තේ අංක තහඩු නොමැති යතුරු පැදි වලින් බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇත.
අදාළ සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන් නවරත්න සහ පොලිස් කොස්තාපල් හේරත් යන බුද්ධි අංශ පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා රොහල් ගත කළ අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවට රොහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS