රනිල් වික්‍රමසිංහගේ චෞර මෙහෙයුමේ ප්‍රධාන ඒජන්තවරයෙක් තමයි මලික් සමරවික්‍රම. මේ සියලු බැඳුම්කර ගනුදෙනු පිටිපස්සෙත්, රටේ සිදුවන පෞද්ගලීකරණ ව...
රනිල් වික්‍රමසිංහගේ චෞර මෙහෙයුමේ ප්‍රධාන ඒජන්තවරයෙක් තමයි මලික් සමරවික්‍රම. මේ සියලු බැඳුම්කර ගනුදෙනු පිටිපස්සෙත්, රටේ සිදුවන පෞද්ගලීකරණ ව්‍යාපෘති පිටිපස්සෙත් මලික් සමරවික්‍රම ඉන්නවා. අද රනිල් වික්‍රමසිංහ, මලිත් සමරවික්‍රම ආදී මේ සියලු දෙනාගෙම පව් රවි කරුණානායක පිටින් යවලා අනෙක් අය සුදනො වෙන්න හදනවා. රවි කරුණානායක සුදනා වෙන්නෙත් නැහැ. හැබැයි අනිත් අයට සුදනො වෙන්න අයිතියකුත් නැහැ.
ඔය කොමිසම ඉදිරියට රවි කරුණානායක විතරක් නෙමෙයි, මලිත් සමරවික්‍රම, රනිල් වික්‍රමසිංහ ගේන්න ඕන. මේ චෞර සේනාංකයේ හෙළි වූ කරුණුවලට වඩා හෙළි නොවූ කරුණු තියෙනවා. තාම දුරකතනවල සියලු තොරතුරු අනාවරණය වෙලා නැහැ. නථ කියන්නේ "හවස" කියන එක නෙමෙයි. ප්‍රයිම් මිනිස්ටර් කියන එක. එතකොට නථ ගෙන් අහන්න කියන්නේ ප්‍රයිම් මිනිස්ටර්ගෙන් අහන්න කියන එක. ඉදිරියේදී චෞරයෝ සියල්ල නීතිය ඉදිරියට පමුණුවනවා.
විමල් වීරවංශ මහතා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (03දා) ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.
"රවි කරුණානායක සුදනා වගේ කොමිසමේදී කියනවා නිවස ගැනීම පිළිබඳ ඔහු දන්නේ නැහැ, දන්නවා නම් පදිංචියට යන්නෙත් නැහැ, නෝනා තමයි මේක කරල තියෙන්නෙ කියලා. මට තියෙන ප්‍රශ්නය තමයි මේ නෝනයි මහත්තයයි අඩුම තරමේ රෑට නිදන ඇඳේදීවත් හම්බවෙන්නේ නැද්ද කියන එක? ඇත්තට මේ මරි මෝඩ ආණ්ඩුව හිතාගෙන ඉන්නෙ ඔය බබා පාට් කතා පිළිගන්න තරම් රටේ ජනතාව ගොන්නු කියලයි.
ඒ වගේම බැඳුම්කර කොමිසම හමුවට ගිහින් රවි කරුණානායක දීල තියෙන පිළිතුරු දිහා බැලුවොත්, ඇලෝසියස් ලබා දීලා තියෙන සන්තෝසම් දිහා බැලුවාමත් අපිට පෙනී යන්නේ අද මේ ආණ්ඩුව කරගෙන යන්නේ ඇලෝසියස්ගේ මුදල්වලින් කියා.
මහ බැංකු බැඳුම්කර වංචා කළා කියන්නෙ රටේ ආදායමෙන් හොරා කනවා කියන එකයි. මීට පෙර පැවැති ආණ්ඩුවලට චෝදනා කළේ වියදමින් හොරා කාපු සිද්ධිවලට. ඒ චෝදනා සත්‍ය වුවත්, අසත්‍ය වුවත් ඒ චෝදනාවලට හසුවුණේ රටේ සංවර්ධනය උදෙසා වැඩ කරන්න යෑමෙන්. නමුත් අද කිසිම වැඩක් නොකර ආදායමෙන් ගසා කෑමයි සිදුවන්නේ.
2015 ජනවාරි 08 වැනිදා සෝභිත හාමුදුරුවන්ගෙ බණ අහල, රතු අලි පැටව්ගේ, පා.ච. රණවකලාගෙ බොරු කතා අහල යහපාලනාභිෂේකය කියා ඔබ අභිෂේක ගැන්නුවේ චෞරාභිෂේකයක්. ඔබ බලයට පත් කර ගත් චෞර රැළ මහ බැංකු සුද්ද කරනව විතරක් නෙවෙයි රට අරාජිකත්වයෙන් අරාජිකත්වයට ඇදගෙන යනවා. යහපාලනය කියල ලේබල් ගහල ආණ්ඩුවට කරගහපු උදවිය දැන් එළිපිටම තම රෙදි උනා දමමින් තමන්ගේ හොරකම්වල දිග පළල මුළු ලෝකයටම පෙන්වන්න පටන් ගෙන තියෙනවා. හෙට අනිද්දා වෙනකොට හම්බන්තොට වරායෙන් ගසා කෑ මුදල් ගැනත් හෙළි වෙයි.
ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ තීරණය කළා, චෞරාභිෂේකයට එරෙහි පළමු පියවර හැටියට රෙදි වස්ත්‍ර උනා දමා හොරකමේ යෙදුණු රවි කරුණානායක ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්න.
COMMENTS