නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම යහපාලන ආණ්ඩුවේ ප්‍රෝඩාවක් බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (28)...
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම යහපාලන ආණ්ඩුවේ ප්‍රෝඩාවක් බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (28) ඒකාබද්ධ විපක්ෂය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ හැකිව තිබියදී නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අවශ්‍යතායක් නැති බවත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ මුවාවෙන් ආණ්ඩුව දැන් සිදුකරමින් ඉන්නේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටුකිරීම බවත් ඔහු මෙහිදී කියාසිටියේය.
එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේ පසුගියදා විග්නේෂ්වරන් මහඇමතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය හෙළාදකින බවයි.
ජනාධිපතිවරයා විසින් ඔහු ඇතුළු කල්ලියට මෙවැනි දෑ නොකරන ලෙසට දැඩි ලෙස කියා සිටිය යුතු බව ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේය.
වීඩියෝව පහතින්.
COMMENTS