දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බාධක, දුර්වලතා රැසක් මැද 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙල නිම වෙයි - ජය බස්නාහිරට
Homeප්‍රවෘත්ති

බාධක, දුර්වලතා රැසක් මැද 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙල නිම වෙයි - ජය බස්නාහිරට

PropellerAds

  බස්නාහිර පළාතට සමස්ත ශූරතාවය හිමිවූ අතර අනු ශූරතාව හිමිකරගැනීමට මධ්‍යම පළාත සමත්විය.               සත්කාරක දකුණු පළාත පස්වන ස්ථානය හි...

මහින්දගේ උපන් දිනයට ආණ්ඩුවෙන් තෑග්ගක්?
ඥානසාර හිමිගේ නඩුව ජනවාරියේ කැඳවයි
හෙට කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්
බාධක, දුර්වලතා රැසක් මැද 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙල නිම වෙයි - ජය බස්නාහිරට

 

බස්නාහිර පළාතට සමස්ත ශූරතාවය හිමිවූ අතර අනු ශූරතාව හිමිකරගැනීමට මධ්‍යම පළාත සමත්විය.              

සත්කාරක දකුණු පළාත පස්වන ස්ථානය හිමිකර ගත් අතර මෙවර අවසන් ස්ථානය හිමි වූයේ උතුරු පළාතටය. 

ජයග්‍රාහි බස්නාහිර පළාත රන් පදක්කම් 102ක්, රිදී පදක්කම් 81ක් හා ලෝකඩ පදක්කම් 76 ක් දිනාගෙන ඇත. දෙවන ස්ථානය ලැබූ මධ්‍යම පළාත රන් පදක්කම් 46ක්, රිදී පදක්කම් 41ක් හා ලෝකඩ පදක්කම් 52ක් දිනාගෙන තිබේ..                                    

2016 වසරේත් සුපුරුදු පරිදි බස්නාහිර පළාත ජය හිමිකරගෙන ඇති අතර එම වර්ෂයේ දකුණු පළාත දෙවන ස්ථානය වාර්ථා කරගෙන තිබුණි. ඒ බස්නාහිර පළාත රන් පදක්කම් 113, රිදී පදක්කම් 74  සහ ලෝකඩ පදක්කම් 67 ක් වශයෙනි. නමුත් මෙවර එනම් 2017 දී දකුණු පළාත පස්වන ස්ථානය දක්වා පසුබැස තිබේ. ඒ රන් පදක්කම් 22 , රිදී පදක්කම් 41  හා ලෝකඩ පදක්කම් 52ක් වශයෙනි.                                                                                              

මළල ක්‍රීඩා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව බස්නාහිර පළාත නියෝජනය කල එච්.ඩී.විදුශා ලක්ෂානි වූ අතර ඇය තුන් පිම්ම මීටර 13.32 ලෙසත්, මළල ක්‍රීඩා අංශයේ පිරිම් දක්ශතම ක්‍රීඩකයා ලෙස මධ්‍යම පළාත නියෝජනය කල ඩී.ඒ.විමලසිරි , දුර පැනීම මීටර 7.83 ලෙසත් වාර්ථා කර ඇත.

වේගවත්ම ක්‍රීඩකයා බස්නාහිර පළාත නියෝජනය කල හිමාෂ ඒෂාන් වන අතර ඔහු තත්පර 10.76 කාලය තුල මීටර 100 ධාවන ඉසවුව ජයගෙන ඇත. වේගවත්ම ක්‍රීඩිකාව සබරගමු පළාත නියෝජනය කල රුමේශිකා රත්නායක වන අතර ඇය මීටර 100 ධාවන ඉසවුව තත්පර 11.74 ක් තුළ ජයග්‍රහනය කර ඇත.                                                                                          

 මෙවර තරගාවලියේ නව ශ්‍රී ලංකා වාර්ථා දෙකක් පිහිටුවාලීමට සමත්ව තිබේ. ඒ ක්‍රීඩිකාවන් ම දෙදෙනකු විසිනි.  දකුණු පළාත් ක්‍රීඩිකාවක් වන මනෝජි අමරසිංහ කාන්තා මිටිය විසිකිරීමෙනුත්, උතුරු පළාත් ක්‍රීඩිකාවක් වන ජේ.අනිතා කාන්තා රිටි පැනීමෙනුත් නව ශ්‍රී ලංකා වාර්ථා බිහි කළහ.                                                                                            

මෙවර ක්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතුවල දුර්වල තැන් බොහෝ තිබුණි. ඊට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට නවාතැන් පහසුකම් මෙන්ම ආහාර පාන ඇතුළු පහසුකම් කිසිම පෙර සූදානමකින් හා සැලසුමකින් තොරව සංවිධානය කර තිබූ නිසා දුරබැහැර සිට පැමිණි ඔවුහු මහත් අපහසුතා රැසකට මැදිවූහ. බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට තමන් නවාතැන් ගත් ස්ථානයේ සිට මෙම ක්‍රිඩා උලෙළ වෙත නිතිපතා පෙර පුහුණුවීම් සදහා කිලෝමීටර පණහකටත් (50 km) වැඩි දුරක් උදේ සවස යායුතුව තිබුණි. ඒ තම ආහාර වේලවත් නිසි වේලාවට ලබාගැනීමට පවා නොහැකි පසුබිමකය.                                                                                            

මෙහි සමාරම්භක මොහොතේ පවා එම උත්සවය දකුණුපළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වර්ජනය කරතිබුනි. පාපන්දු අවසන් තරගය පවා යම් ක්‍රීඩා විනිශ්චයක් මුල්කර ඇතිවූ උණුසුම් තත්වය මත අවලංගු කෙරිණ. තවත් විශේෂතාවයක් නම් මෙම ක්‍රීඩා උලෙළ පුරාවට එකදිගටම දැල්වී තිබිය යුතු ඔලිප්පික් පහන පවා එහි ගෑස් බටයක ගෑස් කාන්දුවක් හේතුවෙන් කිහිපවිටක්ම නිවී යාමයි.                                                                                           

විවිධ පිරිස් සදහන් කරසිටියේ නිසි පහසුකම්  නිසි ප්‍රමිතියකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ලබාදී තිබුණේ නම් ඔවුනගේ දක්ෂතාවන් මීට වඩා දැකබලා ගැනීමට හැකියාව තිබූ බවකි.                                                                                            

- මාතර ඉදුනිල් කැළුම් ජයවීර

12

11

10

9

8

7

6

5

4

3

2

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බාධක, දුර්වලතා රැසක් මැද 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙල නිම වෙයි - ජය බස්නාහිරට
බාධක, දුර්වලතා රැසක් මැද 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙල නිම වෙයි - ජය බස්නාහිරට
http://ift.tt/2wNzhjx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/43_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/43_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy