මෙරට සංවර්ධනය සඳහා හොඳම ආර්ථික ප්‍රතිපත්තිය සකස් කිරීම ප්‍රධාන පක්ෂ දෙකෙහි ආර්ථික සැලසුම් අධ්‍යයනය කර සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්...
මෙරට සංවර්ධනය සඳහා හොඳම ආර්ථික ප්‍රතිපත්තිය සකස් කිරීම ප්‍රධාන පක්ෂ දෙකෙහි ආර්ථික සැලසුම් අධ්‍යයනය කර සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරි වසර 10 සඳහා ආර්ථික ප්‍රතිපත්තියක් සකසා ඇති බවත් ජනාධිපතිවරයා ද එවැනි ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ශ්‍රීලනිපයට දැනුම්දී ඇති බවත්ය.
ඒ අනූව ශ්‍රීලනිපයේ හා එජාපයේ හොඳම ආර්ථික සැලසුම් අධ්‍යයනය කර රාජ්‍ය ආයතන විකිණීම පදනම් නොකරගත් හොඳම ආර්ථික ප්‍රතිපත්තිය සකසා ඉදිරි වසර 10 සඳහා එය ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.
මේ අතර මෛත්‍රිපාල සිරිසේන මහතා විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ ස්ථාවරයේ තවදුරටත් සිටින බව පැවසූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට සහය වන ලෙස ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක් ද කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ජනපතිවරයා උපදෙස් දී ඇති බවත් සීමා නිර්ණ කටයුතු අවසන් කිරීමට තවත් ඇත්තේ දිස්ත්‍රික්ක 06ක් පමණක් බවත්ය.
වීඩියෝව පහතින්.
COMMENTS