නීති විරෝධී ආකාරයට උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි සමාගමක ආයෝජනය කළේ යැයි සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රා...
නීති විරෝධී ආකාරයට උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි සමාගමක ආයෝජනය කළේ යැයි සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පස් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ සැකකරුවකු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තා මෙරටට ගෙන්වා ගැනීම සඳහා පියවර ගනිමින් සිටින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇත.
අදාළ පැමිණිල්ල අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු ඕස්ට්‍රේලියාවේ සිටින බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.
ඒ අනුව අදාළ සැකකරු උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තුන් දෙනෙකුට දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කරන මෙන් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නාමල් රාජපක්ෂ , සුදර්ශන ගනේගොඩ, නිත්‍යා සේනානි සමරනායක යන සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියම කළේය.
අනතුරුව පැමිණිල්ල ඔක්තෝබර් මස 25 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම නඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව වාර්තා කරන මෙන්ද පොලීසියට නියම කළේය.
COMMENTS