ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව හිටපු නාවික හමුදා ලුතිනන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගු...
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව හිටපු නාවික හමුදා ලුතිනන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු නාවික හමුදා ලුතිනන්වරයෙකු වන සමුද්‍ර නිලුපුල් ද කොස්තා යන අය අද පෙරවරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඔහු ඇවන්ගාඩ් සමාගමේ මෙහෙයුම් කළමනාකාරවරයා ලෙස කටයුතු කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS