ඊයේ (25) දහවල් කළුතර - වැලිපැන්න - උතුම්ගම ප්‍රදේශයේදී තරුණයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මුගුරක...
ඊයේ (25) දහවල් කළුතර - වැලිපැන්න - උතුම්ගම ප්‍රදේශයේදී තරුණයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මුගුරකින් පහරදී මෙම සිසුවා ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.
මෙසේ මියගොස් ඇත්තේ උතුම්ගම ප්‍රදේශයේම පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.
ඔහු ඊයේ දහවල් ක්‍රීඩා පිටියට ක්‍රීඩා කිරීම සඳහා ගිය අවස්ථාවේදී තවත් සිසුවෙකු සමඟ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වේ.
සිසුවාගේ මෘත ශරීරය මේ වනවිට වෑත්තෑව රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා සිසුන් 06දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
වීඩියෝව පහතින්.
COMMENTS