මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනීමේ කටයුතු මේවන විට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලබ...
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනීමේ කටයුතු මේවන විට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මත එම සිරුර ගොඩගැනීමේ කටයුතු සිදුවේ.
මේ අතර කොළඹ සුසාන භූමියේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය මිහිදන් කළ සොහොනට උඩින් ඩ්‍රෝන කැමරාවක් සැරිසැරීම නිසා පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වී තිබේ.
ගුවන් ඡායාරූප ගත් එම කැමරාව අල්ලා ගැනීමට පොලිසියට නොහැකි වී ඇතැයි වාර්තා වේ.
සුසාන භූමියේ වැටෙන් එහා සිටින මාධ්‍යවේදීන් සිටි තැනට පොලිසිය කලබලයෙන් දිව ආවද ඩ්‍රෝන කැමරා හිමිකරු සොයාගත නොහැකි වී ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS