මේ වනවිට දිවයින පුරා සිදුකරන විදුලි කප්පාදුව හෙට (20) දින සිට නතර කිරීමට හැකි වනු ඇති බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්...
මේ වනවිට දිවයින පුරා සිදුකරන විදුලි කප්පාදුව හෙට (20) දින සිට නතර කිරීමට හැකි වනු ඇති බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
ඒ, අක්‍රීය වී ඇති නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය හෙට දිනයේ දී යථා තත්ත්වයට පත් කිරීමෙනි.
එමෙන්ම බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ලබන ඉරිදා යළි පණ ගැන්විය හැකි බව ද එ් මහතා වැඩිදුරටත් කියාසිටියේය.
මෙම ජනන යන්ත්‍රය යළි පණ ගැන්වීම තුළින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් එක් කෙරේ.
අධි බලැති විදුලි රැහැන් පද්ධතියේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය පසුගිය සෙනසුරාදා සිට සම්පූර්ණයෙන් අක්‍රිය විය.
ජනන යන්ත්‍ර 03කින් සමන්විත නොරොච්චෝලේ බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන ධාරිතාව මෙගාවොට් 900කි.
නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය වීමත් සමඟ කොළඹ නගර සීමාව, රෝහල් සහ කර්මාන්තපුර හැර සෙසු ප්‍රදේශවලට පැය එක හමාරක කාලයක් විදුලිය අත්හිටුවීමට විදුලිබල අමාත්‍යාංශය තීරණය කළේය.
COMMENTS