කම්කරු නිළධාරී සංගමය විසින් සංවිධානය කළ කම්කරු නිළධාරී වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති අයි.සී.ගමගේ මහතා ප...
කම්කරු නිළධාරී සංගමය විසින් සංවිධානය කළ කම්කරු නිළධාරී වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
එම සංගමයේ සභාපති අයි.සී.ගමගේ මහතා ප්‍රකාශ කළේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා අද (19) දින මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය සැප්තැම්බර් මස 04 වන දින කම්කරු නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර බලධාරීන් සමග ඇති කරගත් එකඟතාවයකට අනුව සැප්තැම්බර් මස 27 වන දින එම වර්ජනය තාවකාලිකව නතර කළේය.
එය අද සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.
COMMENTS