මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් සියලු දෙනා මේ වනවිට හඳුනාගෙන සිටින බව පොලිස් මූලස්‌ථාන ...
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් සියලු දෙනා මේ වනවිට හඳුනාගෙන සිටින බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සැකකරුවන් සියලු දෙනා යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ සාමාජිකයන් වන බවත් ඔවුන් ළඟදීම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ලසන්ත ඝාතනය සිදුවූ 2009 වර්ෂයේදී මෙම යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් කොහුවල ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්‌තව රාජකාරි කරමින් සිටි පිරිසක් බවද හෙළිවී තිබේ.
ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයකු මීට ඉහතදී අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට බන්ධනාගාර ගත කර ඇත.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට නියෝග ලබාදුන් පුද්ගලයන් සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් සම්බන්ධයෙන්ද ඉහළ පෙළේ පරීක්‌ෂණයක් මේ වනවිට රහස් පොලිසිය මඟින් ආරම්භ කර තිබෙන බව පොලිස් මූලස්‌ථානය පවසයි.
(දිවයින)
COMMENTS