දේශීය ආදායම්, රේගු සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධව රහස් පොලිසිය, අල්ලස් කොමිසම, මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් විමර්ශනය කරන ...
දේශීය ආදායම්, රේගු සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධව රහස් පොලිසිය, අල්ලස් කොමිසම, මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් විමර්ශනය කරන නිසා එම දෙපාර්තමේන්තුවල බොහෝ ලියවිලි අස්‌ථානගතව ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ පාර්ලිමේන්තුවේදී පෙරේදා (22) සභාගත කළ රජයේ ගිණුම් කාරක සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ(23) පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී ලසන්ත අලගියවන්න මහතා මෙසේද සඳහන් කළේය.
“අපේ රටේ මූල්‍ය පාලනය ප්‍රායෝගික කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ස්‌ථාපිත කර තිබෙනවා. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා ඇතුළු ආයතන අටසිය හතළිස් දෙකක් ගැන මෙම කාරක සභාව මගින් සොයා බලනවා. 2016 ජනවාරි සිට අප්‍රේල් දක්‌වා කාලය තුළ ආයතන 38 ක් කැඳවා විමර්ශනය කළා. විශේෂිත කරුණු 236 ක් පිළිබඳ සලකා බලා තිබෙනවා. අප වැඩි අවධානයක් යොමු කළේ ආයතනවල අඩුපාඩු සොයා බැලීමට සහ එම අඩුපාඩු පරිපූර්ණ කිරීමට ක්‍රියාමාර්ග ගැනීම සඳහායි. යම් වරදක් වූ පසුව දඬුවම් දීලා කටයුතු කළත් එම පාඩුව පියවන්න බෑ. යමක් සිද්ධ වෙන්න කලින් එය හඳුනාගෙන ඊට ප්‍රතිකර්ම යෙදීම අපේ අරමුණයි.
මේ කාරක සභාවට එකම රාජ්‍ය ආයතනය කිහිප වරක් කැඳවීම් කළා. රාජ්‍ය ආයතනවලට තොරතුරු තාක්‍ෂණය හඳුන්වාදීමේ ව්‍යූහයක් සකස් කිරීමට අපි කටයුතු සම්පාදනය කරනවා. මේ රාජ්‍ය ආයතන හතළිස් දෙකටම යම් ලකුණු ලබාදීමේ ක්‍රමයක් සකස් කර ඒවායේ ප්‍රගතිය මනින්න අප කටයුතු කරනවා. අපි මෙම ආයතන පිළිබඳ පසු විපරමක් කරන්න බලාපොරොත්තු වෙනවා. තොරතුරු තාක්‍ෂණය හඳුන්වාදීම තුළින් දූෂණ අක්‍රමිකතා, නාස්‌තිය සහ වංචා වැළැක්‌වීමට පිටුබලයක් ලැබෙනවා.
අපේ රටේ රජයේ ආදායම උපද්දවන ප්‍රධාන ආයතනවල තොරතුරු තාක්‍ෂණය යොදාගැනීම අවම මට්‌ටමක තිබෙනවා. දේශීය ආදායම්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන අතර අන්තර් සබඳතාවක් තබාගැනීමේ අවශ්‍යතාව අප හඳුනාගෙන තිබෙනවා. ඉදිරි අවුරුදු කීපය තුළ මෙම රාජ්‍ය ආයතනවල තිබූ විගණන අඩුපාඩු අවම කිරීමට අප කටයුතු සම්පාදනය කරනවා.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, රහස් පොලිසිය, මුල්‍ය අපරාධ කොට්‌ඨාසය, ජනාධිපති විමර්ශන කොමිසම විසින් මේ ආයතන පිළිබඳ විමර්ශන කරනවා. එනිසා මේ ආයතනවල අදාළ ලියකියවිලි නෑ. ඒ පිළිබඳ විගණකාධිපතිවරයාගේ අවධානය යොමු කළා. නිලධාරීන්ට වගකීමෙන් මිදෙන්න බෑ. අඩුපාඩුකම් වගේම රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය ගැනත් අප සලකා බලනවා. ඒ කාර්ය සාධනය අප අගයනවා. අපි එම නිලධාරීන් ඇගයීමට ලක් කරනවා. ගිණුම්කාරක සභාවට කැඳවන ආයතන පිළිබඳ පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා ජනතාව දැනුවත් කරන්න අප බලාපොරොත්තු වෙනවා.“ යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.
COMMENTS