කො රෝනා වසංගතය සමග බිඳ වැටෙන ගෝලීය ආර්ථිකය නගා සිටුවීමට හිටපු මුදල් අමාත්‍ය බන්දුල ගුණවර්ධන යෝජනාවක් කරනවා. මේ අනුව දෙවැනි ලෝක යුද්ධයෙන් ...
කොරෝනා වසංගතය සමග බිඳ වැටෙන ගෝලීය ආර්ථිකය නගා සිටුවීමට හිටපු මුදල් අමාත්‍ය බන්දුල ගුණවර්ධන යෝජනාවක් කරනවා.
මේ අනුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ බොහෝ රටවල ආර්ථිකය දුර්වල වූ අවස්ථාවේ ‘බේරට්න් වුඩ්ස්’ සම්මේලනය පවත්වා ලෝක බැංකුව පිහිටුවා ගෙන මුදල් ක්‍රමය සකස් කරගත් ආකාරයට ‘ලෝක ආර්ථික සමුළුවක්’ කැඳවීමට වහාම පියවර ගතයුතුව ඇතැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ රට රටවල මුදල් ක්‍රමය කඩාවැටුණු බවත් යුද්ධයෙන් ජයගත් රටවල් රත්රන් හා දේපළ තොග වශයෙන් අයිතිකරගත් අතර යුද්ධයෙන් පරාජය වූ රටවල වත්කම් නැති වූ බවත්ය.
ඒ තත්ත්වය හමුවේ ඇමෙරිකාව, එංගලන්තය වැනි එවකට බලවත්ව පැවැති රටවල මැදිහත් වීමෙන් ‘බේරට්න් වුඩ්ස් සම්මේලනය’ පවත්වා ආර්ථිකය කඩා වැටීමෙන් රටවල් ගොඩගන්නට වෙනම බැංකුවක් ස්ථාපනය කිරීමට කළ යෝජනාව අනුව එදා ලෝක බැංකුව පිහිටුවා ගනිමින් සෙසු රටවල් සවිමත් කළ බව ඔහු පෙන්වා දෙනවා.
කොරෝනා වෛරසය හමුවේ ලෝකයේ බොහෝ රටවල් මුහුණපා තිබෙන භයානක තත්ත්වය හමුවේ ‘සාර්ක්’ රටවලට පමණක් ලඝු වන අරමුදලක් පිහිටුවා ගැනීම ප්‍රබල විසඳුමක් විය නොහැකි බැවින් ඇමෙරිකාව හා චීනය වැනි ප්‍රබල රටවල් එකතු වී ලෝකය යළි නැඟිට්ටවීමට ලෝක මුදල් ක්‍රමයක් හදා ගන්නට මේ අවස්ථාවේ ලෝක ආර්ථික සමුළුවක් කැඳවන්නැයි ඇමැති බන්දුල ගුණවර්ධන යෝජනා කරනවා.
පසුගිය 25දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද ගුණවර්ධන ඇමැතිවරයා මේ යෝජනාව පිළිබඳව අදහස් දක්වා තිබුනා.

COMMENTS