කම්කරු නිලධාරීන්ගේ අඛණ්‌ඩ වැඩ වර්ජනය හේතුවෙන් මහෙස්‌ත්‍රාත් අධිකරණවල විභාග වෙමින් පවතින නඩු තාවකාලිකව අත්හිටුවීමට එම අධිකරණවලට දැනුම් දී ඇ...
කම්කරු නිලධාරීන්ගේ අඛණ්‌ඩ වැඩ වර්ජනය හේතුවෙන් මහෙස්‌ත්‍රාත් අධිකරණවල විභාග වෙමින් පවතින නඩු තාවකාලිකව අත්හිටුවීමට එම අධිකරණවලට දැනුම් දී ඇතැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා පවසයි.
කම්කරු නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 07 වැනිදා සිට ක්‍රියාත්මක කර තියෙන අඛණ්‌ඩ වර්ජනය නිසා කම්කරු නඩු 20,000 කට අධික ප්‍රමාණයක් අධිකරණවල විභාගයට ගැනීමට නොහැකි වී ඇතැයිද අමාත්‍යවරයා පැවසී ය.
අධිකරණවල කම්කරු නඩු තාවකාලිකව විභාගයට ගැනීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා මගින් සහ කම්කරු අමාත්‍යාංශය මගින් විනිසුරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS