රජයේ රෝහල්වල වෛද්‍යවරුන් විසින් රෝගීන්ට ඖෂධ නියම කිරීමෙන් පසුව අදාළ ඖෂධ ලබා ගැනීම සදහා පැමිණි රෝගීන් රැසක් එම ස්ථාන වසා තැබීම හේතුවෙන් ද...
රජයේ රෝහල්වල වෛද්‍යවරුන් විසින් රෝගීන්ට ඖෂධ නියම කිරීමෙන් පසුව අදාළ ඖෂධ ලබා ගැනීම සදහා පැමිණි රෝගීන් රැසක් එම ස්ථාන වසා තැබීම හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටියහ.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබද පශ්චාත් උපාධි ආයතනයේ පැවැත්වෙන සායනික ඖෂධ විද්‍යාව හා චිකිත්සාව පිළිබද පශ්චාත් උපාධිපාඨමාලාව එහි අධ්‍යක්ෂවරයා විසින් සාධාරණ හේතුවකින් තොරව පිළිනොගැනීම, ශ්‍රේණී උසස්වීම් ලබා ගැනීම, ඖෂධ සභාව ස්ථාපිත කිරිම ද සිය ඉල්ලීම් අතර වන බව රජයේ ඖෂධවේදී සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා සදහන් කරයි. පැය 24 ක කාලයක් පැවැත්වෙන මෙම වර්ජනය හේතුවෙන් මහනුවර මහ රෝහලේ ද ඖෂධ ලබාදීම සම්පූර්ණයෙන් ඇණ හිට තිබුණූ අතර මේ හේතුවෙන් රෝගීන් විශාල ප්‍රමාණයක් දැඩි අසීරුතාවට පත්ව සිටියහ.
අසීරුතාවට පත්වන රෝගීන් වෙනුවෙන් සහනයක් ලෙස සතියක කාලයක් බල පැවැත්වෙන පරිදි රජයේ ඔසුසල මගින් නොමිලේ අදාළ ඖෂධ ලබා ගැනීම සදහා රජයේ අනුමැතිය ලැබුණු බව මහනුවර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිශ්ශංක විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
නුවර නදීක දයා බණ්ඩාර
COMMENTS