මැතිවරණ පනත සංශෝධනය කර මැතිවරණය පවත්නා අවස්ථාව වනවිට වයස අවුරුදු 18 සම්පූර්ණ වන සෑම තරුණයෙකුටම තමන්ගේ ඡන්දය භාවිතා කිරීමේ අයිතිය ලබාදෙන ලෙ...
මැතිවරණ පනත සංශෝධනය කර මැතිවරණය පවත්නා අවස්ථාව වනවිට වයස අවුරුදු 18 සම්පූර්ණ වන සෑම තරුණයෙකුටම තමන්ගේ ඡන්දය භාවිතා කිරීමේ අයිතිය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ඊයේ (08) රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමුවූ ශ්‍රීලනිප තරුණ පෙරමුණේ නියෝජිතයින් කියාසිටියේ 1980 අංක 44 දරණ මැතිවරණ පනත සංශෝධනය කර මැතිවරණය පවත්වන දින වනවිට වයස අවුරුදු 18වන තරුණයින්ට ඡන්ද බලය ලබාදෙන ලෙසයි.
තම යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා,"මේ වන කොට තරුණ ඡන්ද ලක්ෂ 3ක් පාවිචි වෙන්නේ නැහැ. සෑම වසරකම ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන්නේ ජුනි 1 වැනිදා. 18 සම්පුර්ණ වූණ කෙනාගේ නම ලේඛනයට යනවා. හැබැයි ඡන්දේ පවත්වන්නේ මාස 8 ට පස්සේ. එවිට ලක්ෂ 4 ක් තරුණ අයට ඡන්දේ නැති වෙනවා." යැයි ද පැවසීය.
වීඩියෝව පහතින්.
COMMENTS