ඉවත් වූ පළාත් මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් වෙනුවට නව මන්ත්‍රී වශයෙන් අලිකාන් සරීෆ් මහතා ද ඊයේ දිනයේ දිවුරුම් දෙනු ලැබීය. ඉවත් වූ මන්ත්‍රී ...
ඉවත් වූ පළාත් මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් වෙනුවට නව මන්ත්‍රී වශයෙන් අලිකාන් සරීෆ් මහතා ද ඊයේ දිනයේ දිවුරුම් දෙනු ලැබීය. ඉවත් වූ මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන්, අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකි. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් ඇති ව තිබූ පුරප්පාඩුව සඳහා එම පක්ෂයේම අලිකාන් ෂරීෆ් මහතා ඊයේ දිවුරුම් දුන්නේ උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා ඉදිරියේදී ය.
අලිකාන් ෂරීෆ් මහතා දිවුරුම් දීමෙන් පසුව සභාව අමතමින් කියා සිටියේ දකුණේ පළවන සිංහල පුවත්පත්වල වාර්තාවන අයුරින් උතුරු පළාත් සභාව පත් වී වසර 4 ක කාලය තුළදී කිසිදු නීති රෙගුලාසියක් සම්මත කොට ගෙන නොමැති බවටත් තමන් එහි සත්‍ය අසත්‍යතාවය නොදන්නා බවටත්ය.
එහිදී එයට පිළිතුරු දුන් සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා කියා සිටියේ මේ දක්වා උතුරු පළාත් සභාව තුළ නීති රෙගුලාසි 18 ක් හා උපනීති රෙගුලාසි 10 ක් සම්මත කොට ගෙන ඇති බවයි.
මේ අතර පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා සභාව අමතමින් කියා සිටියේ දකුණේ පුවත්පත් ඇතුළු විවිධ ප්‍රචාර මාධ්‍යයන් විසින් මේ දිනවල ප්‍රචාරය කරනු ලබන්නේ උතුරු පළාත් සභාවට මහභාණ්ඩාගාරයෙන් වෙන් වන මුදල්වලින් නිසි ප්‍රයෝජනයක් නොගෙන නැවත එම මුදල් භාණ්ඩාගාරයටම යන බවට බව ය. නමුත් එම පුවත් හා ප්‍රකාශයන් සියල්ලක්ම වැරදි බවත් උතුරු සභාවට වෙන් වන මුදල් වලින් උපරිම ප්‍රතිලාභ උතුරේ ජනතාවට මේ දක්වා ලබා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
- වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS