වෙනත් සාමාන්‍ය දිනයන්ට වඩා එය සාමාන්‍ය අඩුවීමක් බව අධිවේගී මාර්ග නඩත්තු මෙහෙයුම් හා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේය. එම අදා...
වෙනත් සාමාන්‍ය දිනයන්ට වඩා එය සාමාන්‍ය අඩුවීමක් බව අධිවේගී මාර්ග නඩත්තු මෙහෙයුම් හා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේය. එම අදායම් පිළිබද සන්සන්ධනාත්මකව බැලීමේදී අධිවේගී මාර්ගයේ දෛනික අදායම සියයට විස්සක් පමණ අඩු වී ඇති බව අදායම් තොරතුරු තුළින් පෙනී යයි.
ඒ අනුව සාමාන්‍ය දිනයකදී රුපියල් ලක්ෂ 16 ක් පමණ අධිවේගී මාර්ගයට ලැබී ඇති අතර පෙට්‍රල් හිගය සමග එම අදායම රුපියල් ලක්ෂ 11 කට අඩුවෙන් ලැබෙන බවද අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුමේ අදායම් තොරතුරු මගින් හෙළි වේ.
මේ අතර දකුණු පළාතේ බොහෝ ඉන්දන පිරවුම්හල් තුළ තෙල් තොග අවසන් වී ඇති අතර මේ නිසා එම පෙදෙස්වල ජනතාව දැඩි අසීරු තාවයන්ට ලක්වී සිටිති.
පසුගිය ඔක්‌තෝබර් මස 15 වැනිදා ඉන්දීය ඔයිල් සමාගම මගින් ගෙන්වූ නෞකාවක තිබූ පෙට්‍රල් තොගයක් සංස්‌ථාව ලබා ගැනීමට නියමිතව තිබුණද එම පෙට්‍රල් තොගය ප්‍රමිතියෙන් බාල වීම නිසා ලබාගැනීම ප්‍රතික්‍ෂේප කිරීම හා සංස්‌ථාව ඇනවුම් කළ තෙල් නැවක් ප්‍රමාද වීම හේතුවෙන් මෙම ඉන්ධන අර්බුදකාරී තත්ත්වය ඇතිවූ බවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය කියයි.
- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS