තමන් ආණ්ඩුව භාර ගන්නා අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, රාජපක්ෂවරුන් තරම් සොරකම් කර නොතිබූ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමා...
තමන් ආණ්ඩුව භාර ගන්නා අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, රාජපක්ෂවරුන් තරම් සොරකම් කර නොතිබූ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ පෙරේදා (07) යක්කල - සපුගස්තැන්න ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිති පිහිටුවීමේ අවස්ථාවකට එක්වෙමිනි.
තමාට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග කිසිදු පුද්ගලික අමනාපයක් නොමැති බවත් තමාගෙන් පුළුවන් තරම් පලිගත් බවත් නමුත් මහින්ද රාජපක්ෂ රටට කළ විනාශයට පිළිබඳ තමාට ක්‍රෝධයක් හා තරහක් තිබෙන බවත් හිටපු ජනාධිපතිනිය අවධාරණය කළේය.
ආර්ථිකය ශක්තිමත් කරන තුරු රැකියා ලබාදීමට නොහැකි බවත් රැකියා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පක්ෂයට සම්බන්ධ නොවිය යුතු බවත් හිටපු ජනාධිපතිවරිය ප්‍රකාශ කළේය.
අධ්‍යාපන තත්ත්වය සම්බන්ධයෙන් ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එහිදී අදහස් පළ කළාය.
එම වීඩියෝව පහතින් නරඹන්න.
COMMENTS