පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්විය හැකිවෙතැයි විශ්වාස කරන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. කාන්තා දේ...
පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්විය හැකිවෙතැයි විශ්වාස කරන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
කාන්තා දේශපාලන ක්‍රියාකාරීන් වෙනුවෙන් පැවති වැඩමුලුවක සහතික ප්‍රදානෝත්සවයකට ඊයේ (03) කොළඹදී එක්වෙමින් මහින්ද දේශප්‍රිය මහතා මේබව ප්‍රකාශ කළේය.
පරණ ක්‍රමය මඟින් මැතිවරණයක් පවත්වන්නේ නම් එම ක්‍රමය ආකෘතිය මැතිවරණ කොමිස සතුව පවතින බවත් නව ක්‍රමය යටතේ මැතිවරණයක් පවත්වන්නේ නම් එම ක්‍රමයේ අකෘතිය ඔවුන් සතුව නොපවතින බව ඒ මහතා සඳහන් කළේ.
මේ අතර සියළුම කාර්යන් අවසන්වීමෙන් පසු නොවැම්බර් මාසය වන විට නාමයෝජනා කැදවීමේ හැකියාවක් පවතින බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"පරණ ක්‍රමයට යනවා නම් ඒ ක්‍රමයට ගියොත් ආකෘතිය අපි ගාව තියෙනවා. නමුත් නව ක්‍රමයේ ආකෘතිය අපි සකස් කරලා නෑ. බෝහෝ දෙනෙක් අහනවා හෝදනවා කොමිෂන් සභාව මොකක්ද කරන්නේ නැත්තේ කියල, නෑ අපි කරමින් ඉන්නේ. මොකද ඡන්දය තැබීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය දැන් ක්‍රියාත්මක වෙනවා අග්‍රමාත්‍යතුමා ප්‍රමුඛ පංච පුද්ගල කමිටුවෙන්. ඔක්තෝබර් මාසය වෙනකොට වැඩ ඉවර කරයි. ඒ අතරතුර පළාත් සභා විෂය භාර ගරු අමාත්‍යතුමා පනතේ අඩුපාඩු හදයි.අපී විශ්වාස කරනවා නොවැම්බර් මුල් අපිට නාම යෝජනා කැඳවන්න පුළුවන් වෙයි. ජනවාරි මාසේ මුල ඡන්ද තියන්න පුළුවන් වෙයි කියලා."
COMMENTS