ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර තිබේ. ඊයේ(01) දිනයේ සිට බ...
ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර තිබේ.
ඊයේ(01) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකොට ඇත.
හේමන්ත වර්ණකුලසූරිය මහතා මීට පෙරාතුව ග්‍රීසිය, ඉතාලිය, මොල්ටාව, සයිප්‍රසය, ඇල්බේනියාව යන රටවල ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු නියෝජ්‍ය සභාපතිවරයෙකු හා ලේකම්වරයෙකු වන ඔහු නීති ආධාර කොමිසමේ හිටපු සභාපතිවරයෙකුද වේ.
COMMENTS