ශ්රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය තමන් දිවයිනට පැමිණෙන තෙක් වසා දැමීමට පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ. ශ්...
ශ්රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය තමන් දිවයිනට පැමිණෙන තෙක් වසා දැමීමට පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සදහන් කලේ පක්ෂ අභ්‍යන්තරයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා මෙම ගත් බවය.
අතිශය පෞද්ගලික නිවාඩුවක් සඳහා ජනාධිපතිවරයා තායිලන්තයට පිටත්ව යාමට පෙර පක්ෂයේ සියලු ආසන සංවිධායකවරු සමග රැස්වීමක් පැවැත්වුවා.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා රැස්වීම අවසන් වීමට පෙර ඉන් පිටව ගොස් ඇති බව ආරංචි මාර්ග සදහන් කලා.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කලේ අනතුරුව සභාව ඇමතු පක්ෂ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට සංවිධායකවරුගේ පහරදීමට උත්සහා කල බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමග එක්වී ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු නුදුරේදීම එක්සත් ජාතික පෙරමුණ සමග සම්බන්ධ වීමට නියමිතයි.
COMMENTS