රට වෙනුවෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව කටයුතු කළ යුතුව ඇති බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම්...
රට වෙනුවෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව කටයුතු කළ යුතුව ඇති බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.
කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යාංශයේ දී සිය අමාත්‍යධුරයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
පසුගිය දේශපාලනය අර්බුදය හේතුවෙන් අඩාල වී ඇති සංවර්ධන කටයුතු කඩිනමින් සිදුකළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ වැවිලි ප්‍රජාව උදෙසා තම අමාත්‍යාංශයෙන් ඉටුවිය යුතු මෙහෙවර නොපිරිහෙලා ඉටු කිරීමට තමන් කැපවන බවය.
COMMENTS