මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම රටම දුටු බවත් එය සැගවිය හැකි දෙයක් නොවන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාත...
මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම රටම දුටු බවත් එය සැගවිය හැකි දෙයක් නොවන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.
ඔක්තොම්බර් 26 වැනිදා පටන් සිදු වූ දේශපාලන අර්බුධයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වීම මගහැර සිටි දුමින්ද දිසානායක මහතා මාධ්‍ය වෙත පෙනී සිටියේ කලකට පසුය.
එදා ප‍්‍රසිද්දියේ ආඩම්බරයෙන් කල දේ ගැන අද ඔවුනගෙන් මාධ්‍ය විමසද්දී දැඩි අපහසුතාවයට පත්වනු දැකිය හැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
කෙසේ හෝ ඔවුන් නැවතත් ශ‍්‍රීලනිපයේ හා සන්ධානයේ සාමාජිකයන් යයි ප‍්‍රසිද්ධියේ කියන්නට වීම ගැන සතුටට පත් වන්නේ යයිද ඔහු කියා සිටී.
ශ‍්‍රීලනිප ආසන සංවිධායකයන්ගේ හමුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
එම වීඩියෝව පහතින්,
COMMENTS