මන්නාරම තිරුකේතීස්වරන් සමූහ මිනීවලට ආසන්නයේ පිහිටි පාළු ළිඳ තුළ ආරම්භ කළ කැණීම් කටයුතු අද (04) සවස සම්පූර්ණයෙන්ම අවසන් කොට තිබේ. මන්නාරම ...
මන්නාරම තිරුකේතීස්වරන් සමූහ මිනීවලට ආසන්නයේ පිහිටි පාළු ළිඳ තුළ ආරම්භ කළ කැණීම් කටයුතු අද (04) සවස සම්පූර්ණයෙන්ම අවසන් කොට තිබේ.
මන්නාරම දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.රාජපක්ෂ මහතා ඒ බව නිල වශයෙන් දැනුම්දුන් අතර පාළු ළිද තුල තිබී හමුවුණු මිනිස් ඇටසැකිළි කොටස් ඇතුළු ද්‍රව්‍ය විද්‍යාත්මක පරීක්ෂණයක් සඳහා කොළඹට යැවීමට අධිකරණය වෙත බාරදුන් බවද ඔහු කියා සිටියේය.
එම පාළු ළිද තුළ තිබී මිනිස් ඇට සැකිළි කොටස්, කරාබු, මාල ඇතුළු අයිතමයන් 14 ක් හමුවී තිබේ.
දින හතරක් තිස්සේ සිදු කළ මෙම කැණීම් කටයුතු සදහා රාජ්‍ය ආයතන 17ක පූර්ණ සහයෝගය තමන් වෙත ලැබුණු බවත් මන්නාරම අධිකරණයෙන් ලද නියෝගයක් මත මෙම පාළු ළිද තුළ කැණීම් කටයුතු සිදුකළ බවත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
දිනසේන රතුගමගේ
COMMENTS