සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ භූගත ටැංකියකින් කාන්දු වූ දැවි තෙල් මිශ්‍රණයක් වැසි ජලය සමග එක්ව පිටාර ගලා ගොස් තිබේ. හෙයියන්තුඩුව ප්‍රදේශයේ ...
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ භූගත ටැංකියකින් කාන්දු වූ දැවි තෙල් මිශ්‍රණයක් වැසි ජලය සමග එක්ව පිටාර ගලා ගොස් තිබේ.
හෙයියන්තුඩුව ප්‍රදේශයේ ගංවතුර තත්වයක් ද පවතින හෙයින් මෙම දැවි තෙල් මිශ්‍ර ජලය පට්ටිවෙල ඇළ හරහා කැළණි ගඟට මුසුවීමේ අවදානමක් මතුවී ඇති අතර එය වැළැක්වීම සඳහා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව සඳහන්.
ඒ අනුව, එම දැවි තෙල් මිශ්‍රණය පැතිර යාම පාලනය කිරීම සඳහා පාවෙන ඉන්ධන බාධක යෙදීමටත් ඉන්ධන පෙරණයක් මගින් එම තෙල් පෙරා ඉවත් කිරීමටත් කටයුතු කරමින් සිටින බවයි නාවික හමුදාව පවසන්නේ.

COMMENTS