මෙරට මුහුදු සීමාව තුළ දී මුහුදු බත් වීමට ලක් වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ආකාරය විමර්ෂණය කිරීම සදහා වරාය හා නාව...
මෙරට මුහුදු සීමාව තුළ දී මුහුදු බත් වීමට ලක් වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ආකාරය විමර්ෂණය කිරීම සදහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට නියෝග කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ පරිසර යුක්ති කේන්ද්‍රය සහ ධීවරයන් පිරිසක් විසිනි.
වරාය කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
නෞකාව ගිනි ගැනීමෙන් එහි ප‍්‍රවාහනය කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය මුහුදට එක් වී විශාල පරිසර හානියක් සිදුව ඇති බවත්, ධීවර කර්මාන්තයේ යෙදුණු ධීවරයන්ගේ ජීවනෝපාය අහිමි වීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් පෙත්සම් කරුවන් යෝජනා කරයි.

COMMENTS