දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මත්ස්‍යයින් මිය යති.. රංචු පිටින් මුහුදු සීමාවෙන් යති.. පාරිභෝගිකයන් මාළු කෑමට බියවෙති.. ධිවරයන් අමාරුවේ !
Homeප්‍රවෘත්ති

මත්ස්‍යයින් මිය යති.. රංචු පිටින් මුහුදු සීමාවෙන් යති.. පාරිභෝගිකයන් මාළු කෑමට බියවෙති.. ධිවරයන් අමාරුවේ !

PropellerAds

ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ බහාලු විෂ රාසායනික ද්‍රව්‍ය කරදියට මුසුවීම හේතුවෙන් සිය මත්ස්‍ය අස්වැන්න සීග්‍රයෙන් පහත වැටීම සේම පාරිභෝගිකයා මසු...

"ඔහෙලා හිතන්නෙපා මම UNPයට ආවා කියලා" - පිල් මාරු කළ විජිත්ගෙන් සැර කතාවක්
අදත් වැස්ස නෑ-සීතලයි
ක්‍රිකට් නිලවරණයට තිලංග තරග නොකරයි
ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ බහාලු විෂ රාසායනික ද්‍රව්‍ය කරදියට මුසුවීම හේතුවෙන් සිය මත්ස්‍ය අස්වැන්න සීග්‍රයෙන් පහත වැටීම සේම පාරිභෝගිකයා මසුන් පරිභෝජනයට එතරම් මැලිකමක් නොදැක්වීම යන කරුණු නිසාවෙන් සිය මත්ත්‍ය අස්වැන්න අලෙවි කිරමට නොහැකිව ඇති බවට කල්පිටිය අර්ධද්වීපයේ ධීවරයින් මැසිවිලි නගති.

කල්පිටිය අර්ධද්වීපයේ ජීවත් වන බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇත්තේ ධීවර කර්මාන්තය ආශ්‍රිතව යැපෙමින් මුදල් උද්පාදනය කිරීමයි. නමුත් රට පුරා පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ සෘජු බලපෑමත් තවත් පසෙකින් නෞකාවේ සිද්ධිය යනු කරුණු හේතුවෙන් මේ වන විට සිය කර්මාන්තය සම්පූර්ණයෙන්ම අඩාලව යාම හේතුවෙන් ආර්ථිකමය වශයෙන් ඔවුන් දැඩි පීඩාවට ලක්ව ඇති බවට මැසිවිලි නගති.

මෙහිදී ධීවරයින් පෙන්වා දෙන්නේ ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ මෙරටට රැගෙන ආ විෂ රසායනික ද්‍රව්‍ය මේ වන විටත් කරදිය සමග මුසුවීමෙන් විශාල මත්ස්‍යයින් ගැඹුරු මුහුද තුළම මරණයට පත්ව වෙරළට ගොඩ ගසමින් තිබෙන බවත්, සමහර මත්ස්‍යයින් මෙහි බලපෑම හේතුවෙන් වෙනත් ප්‍රදේශයන් කරා සංක්‍රමණය වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි.

තවද ධීවරයින් පවසන පරිදි දැනටමත් කල්පිටිය අර්ධද්වීපය හා අවට වෙරළ තීරයන් වෙත නෞකාවේ සුන්බුන් ගසාගෙන එන බවත් එකී හේතුව නිසාවෙන් සිය ධීවර ආම්පන්න භාවිතා කරමින් මසුන් මැරීමට දැඩි බියක් මතුව ඇති බවයි.

තවද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ පුවත් අනුව මසුන් පරිභෝජනය සදහා පාරිභෝගිකයින් අතර රුචිකත්වයක් නොමැතිකමත් මේ දිනවල මසුන්ගේ උග්‍ර හිගය යන කරුණු කාරණා හේතුවෙන් තමන් දැඩි ලෙස ආර්ථිකමය වශයෙන් පාඩු ලබන බව හෙතෙම පෙන්වා දෙති.

කල්පිටිය අර්ධද්වීපයේ ධිවර පවුල් 3000ට ආසන්න පිරිසක් නිත්‍ය වශයෙන් කර්මාන්තයේ නියැලෙන අතර, ඒ ආශ්‍රිතව වක්‍රව පවුල් 5000ක් පමණ නියැලෙන බව කියයි. මේ හේතුව නිසාවෙන් මේ වන විට සියලු පිරිස් පහේ පවුල් වල නඩත්තු කටයුතු කර ගැනීමට නොහැකිව ණය බරින් සිරවී සිටින බව කියයි.

ඔවුන් කිසිදු මොහොතක රජයට එරෙහිව උද්ඝෝණ, අරගල, උපවාස නොකර රටේ ආර්ථික වර්ධනයට සෘජු දායකත්වයක් නොමදව ලබා දුන්නද ඔවුන් පීඩාවට පත්ව සිටින මොහොතක කිසිදු බලධාරියෙකු ඒ පිළිබදව සොයා නොබැලීම කණගාටුවට කරුණක් බවයි.

– ප්‍රියංකර කළුපහන


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මත්ස්‍යයින් මිය යති.. රංචු පිටින් මුහුදු සීමාවෙන් යති.. පාරිභෝගිකයන් මාළු කෑමට බියවෙති.. ධිවරයන් අමාරුවේ !
මත්ස්‍යයින් මිය යති.. රංචු පිටින් මුහුදු සීමාවෙන් යති.. පාරිභෝගිකයන් මාළු කෑමට බියවෙති.. ධිවරයන් අමාරුවේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyQp7EM6Tf_yac6pDO9D5hPqlcNfhZTwE5m22PUzhcnDXTJDKIO1yLLsl1D0bwZaz0kkH0MYaS3pPJsdg46yB3lQX8nzID8iTp2uBtDTk6XWJM7XM9A4c6x-e2Y5yhgmkgdw1-o1n1ZXA/s320/ship.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyQp7EM6Tf_yac6pDO9D5hPqlcNfhZTwE5m22PUzhcnDXTJDKIO1yLLsl1D0bwZaz0kkH0MYaS3pPJsdg46yB3lQX8nzID8iTp2uBtDTk6XWJM7XM9A4c6x-e2Y5yhgmkgdw1-o1n1ZXA/s72-c/ship.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_75.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_75.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy