සෙංකඩගලපුර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්ලය සඳහා ආදීවාසීන් විසින් මී පැණි පූජා කිරීමේ පුරාණ චාරිත්‍රය අද (13) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව...
සෙංකඩගලපුර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්ලය සඳහා ආදීවාසීන් විසින් මී පැණි පූජා කිරීමේ පුරාණ චාරිත්‍රය අද (13) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී සිදුවිය.
ප්‍රථම රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන දින ආදිවාසීන් විසින් ශ්‍රී දන්ත ධාතූන්වහන්සේ උදෙසා මී පැණි පූජා කිරීම පුරාණ චාරිත්‍රයක් වශයෙන් සිදු කෙරේ.
ඒ අනුව අද පෙරවරුවේ පළමුවෙන්ම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද පුදාගත් ආදිවාසි කණ්ඩායම අනතුරුව මී පැණි පූජාවට එක්විය.
මල්වතු මහ විහාරයට පැමිණි ආදිවාසී නායකයා මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාරථ සුමංගල හිමිපාණන් ද බැහැ දුටුවේය.
ආදිවාසී පිරිස අද දිනයේ ලංකාතිලක විහාරය හා ගඩලාදෙණ රජමහා විහාරය වැඳපුදා ගැනීමට එක්වන අතර රාත්‍රියේදී ප්‍රථම රන්දෝලි පෙරහර නැරඹීම සඳහා සහභාගීවීමට ද නියමිතය.
ඡායාරූප පහතින්.
මහනුවර - කමල් සුරවීර
COMMENTS