දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සහරාන්ගෙන් කඩුපහර කෑ කාත්තන්කුඩියේ මුසාෆීර් කියන කතාව…
Homeප්‍රවෘත්ති

සහරාන්ගෙන් කඩුපහර කෑ කාත්තන්කුඩියේ මුසාෆීර් කියන කතාව…

PropellerAds

අබූ උබයිදා නැමැති ත්‍රස්තවාදියා උගේ කණ්ඩායමත් සමඟ මරාගෙන මැරී ඇත. අබූ උබයිදා කීවාට කාටවත් වගක් නැති වුවත් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නම ...

‘අභ්‍යවකාශ ඉංජිනේරු’ චිචී අනධ්‍යයන සේවකයෙක්ලු
නීතිපති බේරන්න මෛත්‍රී ඉදිරියට
බැසිල් පස්සට - ශිරන්ති ඉදිරියට.
අබූ උබයිදා නැමැති ත්‍රස්තවාදියා උගේ කණ්ඩායමත් සමඟ මරාගෙන මැරී ඇත. අබූ උබයිදා කීවාට කාටවත් වගක් නැති වුවත් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නම දැන් අප්‍රසන්න වන තරමටම අපට ඇසී තිබේ. මේ මනෝ විකෘතික ඝාතකයා නිසා මේ වන විට බරපතළම අර්බුදයකට ලක් වී ඇත්තේ මේ රටේ මුස්ලිම් මිනිස්සුය.
ඒ බව අපට කියන සජීවී සාධකය දැන් අප අබියසය. ඔහු අබූබක්කර් මුහම්මදු මුසාෆීර්ය. මේ මිනිසා සොයාගෙන අපි කාත්තන්කුඩියට ගියෙමු.

වසර දෙකකට කලින් ලේ වැකි සිරුරින් යුතුව දුක්ඛිතව මඟ වැටී සිටි මේ තරුණයාගේ රුව මාධ්‍යවල පළ වූවා මතකය. ඒ වර්ෂ 2017 මාර්තු 10 වන දින ආලියා මන්සන්දියේ දී සහරාන් හසීම් ප්‍රමුඛ මැර පිරිසක් එල්ල කළ ප්‍රහාරයේදී ය. එහිදී සහරාන්ගේ තියුණු කඩු ප්‍රහාරයෙන් ද, සහරාන්ගේ සොහොයුරු රිල්වාන්ගේ පිහි පහරින්ද කැපුම් තුවාලවලට ලක්ව දිවි බේරාගත් මුසාෆීර් තම රුධිරයෙන් කී කතාව මේ රටේ මහා සමාජයට ඇසුණේ නැත. ඔවුන්ට එය මුස්ලිම් සමාජයේ ඇති වූ තවත් එක් ගැටුමක් පමණක් විය. ඒ නොඇසි කතාව මහා ලේ ගංගාවක් සේ මේ රට ගිල්වා දමමින් ගලාගෙන ගියේය.

එදා නෑසූ කන්ව සිටි අප දැන්වත් අබුබකර් මහමුදු මුසාෆීර්ගේ කතාව ඇසිය යුතුය. ඒ මේ ම්ලේච්ඡත්වයට එරෙහිව සටන් කළ සැබෑ ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ හැඩය හඳුනාගැනීම සඳහාය. අබූබක්කර් මුහම්මදු මුසාෆීර් ඒ මාරක ප්‍රහාරය එල්ල වුණු අතීත සිදු වීම පිළිබඳ සිය හඬ අවදි කරන්නේ මෙසේය.

“ඒ වර්ෂ 2017 මාර්තු 10 වෙනිදා. කාත්තාන්කුඩි ආලියා මංසන්දියේදී ගමේ බහුතරයක් වෙසෙන අපේ සුන්නි මුස්ලිම්වරුන් නියෝජනය කරන සූෆි මුස්ලිම් නැමති සංවිධානය විරෝධතාවක් පැවැත්තුවා. ඔවුන් විරෝධතා ව්‍යාපාරය පැවැත්තුවේ සහරාන්ගේ තවුහීද් ජමාත් සංවිධානයට එරෙහිවයි.

ඒ වෙන කොට කාත්තන්කුඩියෙදි සහරාන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වුණේ අබ්දුල් රමීස් මව්ලවිතුමා. සහරාන්ගේ කමකට නැති අන්තවාදී වැඩවලට සාධක සහිතව විරුද්ධ වුණේ එතුමා.”

“රැස්වීම තියන තැන මමත් හිටියා. ටික වේ ලාවයි ගත වුණේ. තැඹිලි පාට ටී ෂර්ට් ඇදගත් කණ්ඩායමක් කඩු පිහි අරගෙන එකපාරමට අපි ඉන්න තැනට කඩා වැදුණා. මම ඔවුන්ව හඳුනා ගත්තා.

ඒ කණ්ඩායම මෙහෙයවූයේ අයි.එස්.අයි.එස් එකට එකතු වුණ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හසීම්.

ඔහුගේ සොහොයුරා වුන සායින්දමරුදු ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත්තු රිල්වාන් ද ඇතුළු 100ක වගේ පිරිසක් එතැනට ආවා.”

“සහරාන්ගේ මල්ලි වන සායින්දමරුදු නිවසක මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගෙන මියගිය රිල්වානුයි නියාස් සහ අජුවත් කියල දෙන්නෙකුයි මුලින්ම මගේ මස්සිනාට පහර දුන්නා. පස්සෙ මං ළඟට දුවගෙන ඇවිත් මාව වට කරලා අල්ල ගත්තා. මට හෙල්ලෙන්නවත් ලැබුණෙ නෑ.

ඔවුන් ජිහාඩි සටන දිනේවා. අල්ලාහ් අක්බර් කියාගෙන පළමු කඩු පහර මට එල්ල කළා. රිල්වාන් තමයි මට මුල්ම කඩු පහර දුන්නේ. නියාස් සහ අජුවත් කියන දෙන්නත් කඩුවලින් කෙටුවා. එකෙක් ගලකින් මට පහර දුන්නා. මම හිටියෙ මරණ බයේ. නිරායුධ අපි මොනවා කරන්නද? ඒ එක්කම සහරාන් කෑ ගහලා මෙහෙම කිව්වා.

“ජිහාඩ් සටන කාත්තාන්කුඩියෙන් ඇරඹුවා. ජිහාඩ් පිළිගනිව්…”

ඔහුත් එක්කම සහරාන් එක්ක හිටපු පිරිසත් එකවරම කෑ මොර දුන්නා.

මම දුවන්න උත්සාහ කළා. දුවාගන්න බෑ. කලන්තෙයි. මුළු ඇඟේම ලේ වැක්කෙරනවා. මම ගිහින් පැත්තකින් ඉඳගත්තා.”

එදා මුන්ගේ ඉලක්කය වුණේ ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය නියෝජනය කරන සූෆි මුස්ලිම්වරු. එයාලගේ හැසිරීමට විරුද්ධ මව්ලවි අබ්දුල් රමීස් මව්ලවිතුමන්ව ඝාතනය කරලා එයාලට විරුද්ධ අනිත් අයත් ඝාතනය කරන්නයි එයාලට ඕන වුණේ. නමුත් එයාලට ඒ දෙය කරන්න බැරි වුණා. ආලියා හන්දිය කියන්නේ සහරාන්ට එරෙහිව දැඩි පිරිසක් හිටපු පෙදෙසක්.”

“මම මුලින්ම කිව්වෙ. සියලු දෙනාම ආවෙ තැඹිලි පාට ටී ෂර්ට් ඇඳගෙනයි. මේ ම්ලේච්ඡයා සහරාන් අපිව කඩුවලින් කැපුවෙත් හිනා වෙවී. මේ මිනීමරුවන්ගේ පහරදීමෙන් මගේ ශරීරයේ තැන් හතරක තුවාල සිදු වුණා. මොවුන්ගෙන් ජීවිතය බේරාගෙන පුළුවන් විදිහට පැනගනිද්දි එතැන හිටපු අය මාව රෝහල් ගත කළා. මාව බලන්න ආවෙත් මගේ පවුල නඩත්තු කරගන්න ඒ දවස්වල උදව් කළෙත් අබ්දුල් රමීස් මව්ලවිතුමන් විතරයි. අද ඔය කෑ ගහන කවුරුත් එතැන හිටියේ නැහැ.”

අබුබකර් මහමුදු මුසාෆීර්ගේ මුහුණ දෙස බාගෙන සිටියෙමි. ඔහු මේ අන්තවාදී ආගමික වියරුව පිළිබඳ උපන් පිළිකුල එළිපිට කියමින් හිඳී. සහරාන් රටේ පොදු සමාජයට භීතිය ගෙනාවේ පාස්කු බෝම්බයත් සමඟය. එහෙත් ඔහු සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය මත අතිශය දරුණු පීඩාවක්, භීතියක් පතිත කරගෙන සිට වසර ගණනාව සම්බන්ධව අප නොවිමසූ අයුරු පිළිබඳ උපදින්නේ විස්සෝපයකි.

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ආගමික ඇදහිල්ල ව්‍යසනයට ලක් කරමින් කාත්තන්කුඩිය කේන්ද්‍ර කරගෙන සිය උම්මන්තක ආගමික අන්තවාදය ව්‍යාප්ත මේ විකෘති ම්ලේච්ඡයා, අන්තවාදී නැඹුරුවක් සහිත තව්හිද් ජමාද් සන්දර්භයෙන් පවා ඉවත් කර දැමූවේ ඇයිදැයි පාස්කු බෝම්බය පුපුරා යන තුරු අප තැකීමක් කළේ නැත. එහෙත් ඔහු කියන්නේ මේ අන්තවාදී ව්‍යසනය තවමත් නිමා වී නැති බවය. එහි බිහිසුණුකම තවමත් ඔවුන්ව ස්පර්ශ කරමින් ඇති බවය.

“ මේ ටික ඔබට කියන්න ඕන. එදා කඩු කිණිසි අරන් ඇවිත් මට පහරදීපු සහරාන්ගේ අනුගාමිකයන් දෙන්නෙක් මීට සති දෙකකට පමණ පෙර කාත්තාන්කුඩියේ ගැවසෙනවා මම දැක්කා. අවස්ථා කීපයකදි ඔවුන්ව මා දුටුවා. හඳුනා ගත්තා. සහරාන් සහ රිල්වාන් මරාගෙන මැරෙන බෝම්බ පුපුරවාගෙන මැරුණා. ඒ සංවිධානෙ තහනම් කියනවා. ඔවුන්ගේ අනුගාමිකයො අත්අඩංගුවේ කියලා කියනවා. ඒත් එදා මට පහර දීපු සහරාන්ගේ දකුණු අත වගේ ඉඳලා මිනී මරන්න ආව අජුවත් සහ නියාස් මෙහෙම බය නැතිව එළිපිට ඇවිදිනවා පෙනිලා යනවා.

එහෙම ඉන්නෙ කොහොමද කියලා මට නම් තේරුම් ගන්න බෑ. මුන් තමයි කාත්තන්කුඩියේ අන්තවාදය වපුරලා මරණ බය ඇති කළේ. මේ අය අතරින් තමයි මරාගෙන මැරෙන බෝම්බකාරයො හැදුණෙ. ඔවුන් නිදැල්ලේ. අපේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි ඒකයි. ඇත්තම කියන්නම්. අපි තවම බියෙන්.”

“ මේ සිද්ධියට පස්සේ ඊට විරුද්ධව නැඟෙනහිර පළාතේ කාත්තාන්කුඩියේදී 2017 මාර්තු මාසය පුරාවටම විරෝධතාවක් පැවැත්වුණා. කාත්තාන්කුඩියට මෙතරම් පිළිකාවක් වෙච්චි සහරාන් හෂීම්ට එරෙහිව ඉස්ලාම් පූජකවරුන් මෙන්ම බොහෝ සංවිධාන බුද්ධි අංශ වෙත පැමිණිලි සහ තොරතුරු දුන්නා. සහරාන් හෂීම් අයි.එස් සංවිධානය හා සම්බන්ධ වී සිදු කරගෙන යන අන්තවාදය වැළැක්වීමට පියවර ගන්නැයි ඉල්ලුවා. බුද්ධි තොරතුරු ඉහළ තැන්වලට ගියාද නැද්ද කියන්න දන්නෙ නෑ.”

ඔහු කියන්නේ ඔහු අත්දුටු යථාර්ථය ය. තව්හිද් ජමාද් මැරයෝ තවමත් කාත්තන්කුඩියේ හොල්මන් කරමින් සිටිති. මේ මිනිසුන් තවමත් තැතිගෙනය. ඔවුන් පමණක් නොව මුළු සමාජයම එක ඕපාදූපයකින් අකර්මණ්‍ය වන තරමට මිනිසුන්ගේ විශ්වාසය බිඳී ගොස්ය.

ඒ පසුබිම දේශපාලන ගොදුරු බිමක් බවට පත් කරගැනීමට බොහෝ පිරිස් කටයුතු කරමින් සිටිති.

යළිත් අප රටක් ලෙස අසමත්ය. රටේ සමස්ත දේශපාලනය මුළුමනින්ම අසමත්ය. නිරුවත්ය. මුස්ලිම් සමාජයෙන් පැමිණි සියලු අනතුරු හැඟවීම් පයිසයකට මායිම් නොකර රට මළ ගෙයක් වූ පසු එහි වගකීම සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය වෙතම මුදාහරිමින් අශික්ෂිත ජාතිවාදය වපුරවමින් සිටිනා අප මොන විදිහේ හිපාටුවන් දැයි අපේ හදවතට තට්ටු කර විමසිය යුතුව ඇත.

එහෙත් ඒ වෙනුවෙන් පුහුණු කළ මනසක් අප සතුව නැත. සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයටත් වඩා බිහිසුණු යථාර්ථය එයය.

******************

පාස්කු ප්‍රහාරය එල්ල වුණේ ජිහාඩ් පිළිපදින්නෙ නැති සමස්ත මුස්ලිම්වරුන්ට

එම්.එස්.එම්.සීමාක් සින්නලෙබ්බේ.
(කළමනාකාර කමිටුව,අල්හාජ් අබ්දුල් ජවාඩ් ආලිම් වලියුල්ලා කමිටුව )

“සහරාන් 2011 වසරේදී දාරුල් අඩාර් නැමති සංවිධානයක් ගොඩනඟාගෙන හිටියා. ඒකෙන් අයින් වෙලා තමයි ජාතික තවුහීද් ජමාත් නමින් අලුත් සංවිධානයක් හැදුවේ. සහරාන් ජිහාඩ් අන්තවාදියෙක් කියලයි, අන් ආගමිකයින් මරාදැමීමට උත්සහා දරනවා කියලයි, තමන් දෙසන ඉස්ලාමය නොපිළිගන්නා මුස්ලිම් මිනිස්සු මරන්න ගියා කියලයි, රජය පොලිස්පති ඇතුළු සියලු ආරක්ෂක අංශවලට 2017 වසරෙදීම ලිඛිතව දැනුම් දුන්නා.”

“ මෙම පුද්ගලයා 2013 වසරේ ඉදලා ජිහාඩ් මූලධර්මය ව්‍යාප්ත කරන්න උත්සහා දැරුවා. සහරාන් අන්තවාදය ව්‍යාප්ත කරනවා කියලා පැමිණිලි 20ක් විතර කාත්තාන්කුඩි පොලිසියට කරලා තියෙනවා. වර්ෂ 2013-14 කාලයේදී මේ පුද්ගලයාට එරෙහිව නඩු දෙකක්ද පැවරී තිබුණත් ඔහු ඒ නඩු දෙකෙන්ම නිදහස් වුණා.”

“ කාත්තාන්කුඩියේ බදුරියා මස්ජීදයට සහරාන් දවසක් හොරෙන් රිංගල අන්තවාදය වපුරන්න ගියා. ඒකට ගම්වාසීන්ගෙන් එල්ල වුණ විරෝධය නිසා නැවතත් පොලිස් පැමිණිල්ලක් සහරාන්ගේ නමට වැටුණා. මුස්ලිම් දේවස්ථානයක් තිබියෙදී ඊට මීටර් 20 පමණ ඈතින් ජිහාඩ් දේවස්ථානයක් සහරාන් විසින් හදන්නේ 2016 දීයි. ඒ නව කාත්තාන්කුඩි එස්.සී.ආර්.මාවතේ.”

“ සහරාන්ගේ අන්තවාදයට ලොකු විරෝධයක් මතු වුණත් ඔහුගේ දේශනවලට හසුවූ පිරිස් 250ක් 300ක් විතර හිටියා. ඔවුන්ගේ ඔළු සෝදා ජිහාඩ් සටන්කරුවන් විදිහට ඇදගෙන තිබුණා. සහරාන්ගේ මේ අන්තවාදී ක්‍රියාවන්ට සූෆි මුස්ලිම් සංවිධානයේ අබ්දුර් රවූෆ් මිස්බායි මව්ලවි තුමන් දැඩිව විරුද්ධ වුණා. මේ නිසා සහරාන් ඔහු විසින් තමන් දේශනා කරන ධර්මය නියම ඉස්ලාම් ධර්මය බවත් එය නොපිළිගන්නා සියලු මුස්ලිම් වැසියන් මරා දැමිය යුතු බවටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.”

ඒ වගේම මඩකලපුව මීරා මුස්ලිම් විදුහලේ පාසල් දැරියන් සංස්කෘතික වැඩසටහනක ගී ගැයුවයි කියල විදුහල්පතිවරයාටත් ගුරුවරුන්ටත් දරුවන්ටත් පහත් අන්දමින් කතා කර ඔවුන් ඝාතනය කළ යුතුයි කියල ප්‍රචාරය කරල තිබුණා. මේ ඔහුගේ ධර්මය ඉස්ලාම් ධර්මය නොවෙයි.

2016.12.09 වනදා සහරාන් කාත්තාන්කුඩියේදී අන්ජාතීන් මරා දැමිය යුතුයි කියලා ඔහුගේ පල්ලියේදී කතා කීවා . ජාතික කොඩියට ගීයට නිගරු කළා. වර්ෂ 2017.2.17 දිනයේ කාත්තාන්කුඩි හිස්බුල්ලා ශාලාවේදී අයි.එස්.අයි.එස් සංවිධානයට සහාය පළ කරමින් අයි.එස්.නායකයගේ ගුණ වයමින් අයි.එස් ප්‍රතිපත්තිය අනුගමනය කරන බවට ප්‍රතිඥාවක් දුන්නා. ජිහාඩ් අරගලය කාත්තාන්කුඩියෙන් අරඹන බවට ප්‍රතිඥා දුන්නා.

2017.2.17 ජාතික කොඩිය ප්‍රතික්ෂේප කළා. මුස්ලිම් ජිහාඩ් රටක් අවශ්‍ය බව ප්‍රකාශ කළා. වර්ෂ 2017.3.3 වනදින කාත්තාන්කුඩි ජුම්මා දේශනයේදී ජිහාඩ් අන්තවාදය ගැන කතා කළා. මීට පස්සෙ, එනම් 2017.03.10 ආලියා මංසන්දියේදී සූෆි මුස්ලිම්වරුන් විසින් තවුහීද් ජමාත් නායක සහරාන්ගේ අන්තවාදයට එරෙහි විරෝධතාවක් තිබ්බා. එය මැදට පැනලා තමයි කපා කොටා දැමීම් හා පහර දීම් සිදු කර තිබු‍ණෙ.

සහරාන් කියන ආකාරයට හෝ අයි.එස්.ගහන පදයට නටන්න මේ රටේ මුස්ලිම්වරුන් සූදානම් නැහැ කියන එක ඒ කාලයේදීම මුස්ලිම්වරුන් ඔප්පු කර පෙන්නුවා. ජිහාඩ් අන්තවාදය මුළු දිවයිනේම තහනම් කළ යුතුයි. සහරාන් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේ ජිහාඩ් නොපිළිපදින සමස්ත මුස්ලිම් ජනතාවටම එරෙහිවයි.

– silumina
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සහරාන්ගෙන් කඩුපහර කෑ කාත්තන්කුඩියේ මුසාෆීර් කියන කතාව…
සහරාන්ගෙන් කඩුපහර කෑ කාත්තන්කුඩියේ මුසාෆීර් කියන කතාව…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipjdphK8CNbb-28OWSbxO8YjG8z5JKk1HcsAlcVbpy5-n0xtGmco_fDotCkAGLZVH7P5m3otvI8xMJYwvRLJVxK530GrYKEUqqzLGHdpHUe_zinMAPJwErWwoCeNYrQCfRvdl9U2G36_Ij/s320/77888dsf.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipjdphK8CNbb-28OWSbxO8YjG8z5JKk1HcsAlcVbpy5-n0xtGmco_fDotCkAGLZVH7P5m3otvI8xMJYwvRLJVxK530GrYKEUqqzLGHdpHUe_zinMAPJwErWwoCeNYrQCfRvdl9U2G36_Ij/s72-c/77888dsf.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy