මන්නාරමේ තිරුකේතීස්වරන් සමූහ මිනී වලට ආසන්නයේ පිහිටි පාළු ළිදක් තුළ කළ කැණීම්වලදී මිනිස් ඇටසැකිළි කොටස් බවට සැක කෙරෙන අස්ථි කොටස් දෙකක් හම...
මන්නාරමේ තිරුකේතීස්වරන් සමූහ මිනී වලට ආසන්නයේ පිහිටි පාළු ළිදක් තුළ කළ කැණීම්වලදී මිනිස් ඇටසැකිළි කොටස් බවට සැක කෙරෙන අස්ථි කොටස් දෙකක් හමුවූ බවට මන්නාරම පොලීසිය ප්‍රකාශ කරයි.
මන්නාරම ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් අදාල පාළු ළිඳ තුල ඇට සැකිලි ඇති බවට සැක කරන බව කියමින් මන්නාරම දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පසුව මන්නාරම් මහෙස්ත්‍රාත් ඒ.ජී. ඇලෙක්ස්රාජා මහතාගේ නියෝගය පරිදි ඊයේ (01) සිට කැනීම් කටයුතු අරඹා ඇත.
එම පාළු ළිද පිහිටා ඇත්තේ ද මීට වසර 05කට ඉහතදී මිනිස් ඇට සැකිලි 96 ක් හමුවූ තිරුකේතීස්වරන් සමූහ මිනීවලට ආසන්නයේමය.
අදාල පෙත්සමට අනුව අධිකරණයෙන් ලබාදුන් නියෝගය මත මන්නාරම දිසා විනිසුරු ඒ.ජී.ඇලෙක්ස් රාජා මහතාගේ අධීක්ෂණයෙන් එම ළිදෙහි කැණීම් කටයුතු ආරම්භ වුණු අතර එහිදී පොලීසිය කියා සිටියේ අඩි දෙකක පමණ ගැඹුරකට ළිද තුළ කැණීම් සිදු කළ අතර එම කැණීම්වලින් මිනිස් ඇටසැකිළි වල කොටස් බවට සැක කෙරෙන අස්ථි කොටස් දෙකක් හමු වූ බවයි.
නමුත් මන්නාරම දිසා අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වී.රාජකුලේන්ද්‍රන් මහතා කියාසිටියේ කැණීම් කටයුතු අවසන් වනතුරු ඒ සම්බන්ධයෙන් මාධ්‍යට කිසිවක් පැවසීමට නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොවිමසන ලෙසටත්ය.
අදාල පාළු ළිද තුළ අවසානයක් දක්වාම කැණීම් කටයුතු සිදුකෙරෙන බැවින් අද (02) සිට යළිත් කැණීම් කටයුතු මන්නාරම් පොලීසියේ ද සහය ඇතිව සිදු කිරීමට නියමිතය.
ඡායාරූප පහතින්
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS