රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනයට උදව් දුන්නැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නාරාහේන්පිට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා සහ හිටපු ජ්...
රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනයට උදව් දුන්නැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නාරාහේන්පිට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අගෝස්තු 10 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද(03) නියෝග කළේය.
ඝාතනය සිදුවූ දින නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන්ට ලැබුණු දුරකථන ඇමතුම් ද ජනපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු බව කියන ඇමතුම් ද සම්බන්ධයෙන් සීඅයිඩිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
එමෙන්ම මෙම සිද්ධියට අදාළව ලබාගත් සී.සී.ටී.වී දර්ශන කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා පරීක්ෂණාගාරය වෙත යැවීමට කටයුතු කරමින් සිටින බවත් රජයේ නීතිඥවරයා මෙහිදී අධිකරණයට දන්වා සිටියේය.
ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ කොටුව අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාල් විසින් සැකකරුවන් ලබන 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
COMMENTS