මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී අය කරන අවම දඩ මුදල වන රුපියල් 2500ක මුදල නිශ්චිත වැරදි කිහිපයකට පමණක් අය කිරීමට කැබිනට් මණ්ඩලයේදී යෝජනා වී ති...
මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී අය කරන අවම දඩ මුදල වන රුපියල් 2500ක මුදල නිශ්චිත වැරදි කිහිපයකට පමණක් අය කිරීමට කැබිනට් මණ්ඩලයේදී යෝජනා වී තිබේ.
වාර්තා වන අන්දමට ඒ, බීමත්ව රිය පැදවීම, රියැදුරු බලපත්‍රය නොමැතිව රථවාහන ධාවනය, අධික වේගය වැනි ප්‍රධාන වරදවල් කිහිපයක් වෙනුවෙනි.
මේ අතර අවම දඩ මුදල වහාම ඉවත් කරගන්නා ලෙස ඉල්ලා පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් පසුගිය 14 වැනිදා බස් වර්ජනයකට සූදානම් වූ අතර මුදල් අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව එය තාවකාලිකව අත්හිටවුනු ලැබිණි.
එම සාකච්ඡාවේදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අවම දඩ මුදල පිළිබඳව අර්බුදය මාධ්‍ය විසින් ඇතිකරන ලද්දක් බවත් ඒනිසා මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුම්වත් කර ඊයේ (15) බස් හිමියන් සමග යළි සාකච්ඡාවක් පවත්වන බවත්ය.
එහෙත් ඊයේ රාත්‍රීයේ අදාළ සාකච්ඡාව නොපැවැත්වුණු අතර එම සාකච්ඡාව ලබන සඳුදා (21) දින පැවැත්වීමට මුදල් අමාත්‍යාංශය හා බස් සංගම් එකඟතාවකට පැමිණ තිබේ.
අදාළ සාකච්ඡාවට පොලිස්පතිවරයා හා රථවාහන අංශය භාර නියෝජ්‍ය පොල්ස්පතිවරයා ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා බස් සංගම් නියෝජිතයින් ද සහභාගීවීමට නියමිතය.
කෙසේ වෙතත් රථවාහන දඩ මුදල් පිළිබඳව දෙවැනි සාකච්ඡාව ලබන සඳුදා දිනයේ දී පැවැත්වීමට නියමිත බැවින් තමන් සූදානම් වූ බස් වර්ජනය එතෙක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
COMMENTS