හලාවත, කුරුසපාඩුව වෙරළ තීරයේ තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. ධීවරයෙකුගෙන් ලද තොරතුරකට අනුව හලාවත පොලීසිය විසින් මෙම මළ සිරුර ...
හලාවත, කුරුසපාඩුව වෙරළ තීරයේ තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.
ධීවරයෙකුගෙන් ලද තොරතුරකට අනුව හලාවත පොලීසිය විසින් මෙම මළ සිරුර සොයාගෙන ඇත.
මළ සිරුර හමුවන විට මුහුණ, හඳුනාගත නොහැකි ලෙස විකෘතිව තිබී ඇති අතර මියගිය පුද්ගලයාගේ උස අඩි 05ක් පමණ වන බව වාර්තා වේ.
මේ වනවිට මළ සිරුර හලාවත රෝහලේ තැන්පත් කර ඇති අතර ඔහු මියගිය ආකාරය පිළිබඳව කරුණු අනාවරණය වී නොමැත.
හලාවත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
COMMENTS