ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයක මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සදහා ඇණවුම් තම රජයේ මුදල් මුද්‍රණ ආයතනයට ලැබී ඇති බව චීන මාධ්‍ය වාර්තා කර...
ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයක මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සදහා ඇණවුම් තම රජයේ මුදල් මුද්‍රණ ආයතනයට ලැබී ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
රටවල් ගණනාවක මුදල් නෝට්ටු මුද්‍රණය සදහා ඇණැවුම් ලැබී ඇති බව චීනයේ බැංකු නෝට්ටු මුද්‍රණ ආයතන සභාපති ලී ගුයිෂෙන්ග් මහතා චීනයේ මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත් කරන මාසික සඟරාවකට සදහන් කර ඇත.
ඒ අනුව චීන රජයට අයත් මුදල් මුද්‍රණය කරන සමාගම ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව, බ්‍රසීලය යන රටවල ව්‍යවහාර මුදල් මුද්‍රණය කරන බව එම මාධ්‍ය වාර්තා පවසයි.
චීනය මුලින්ම විදේශ මුදල් මුද්‍රණය කිරීම ආරම්භ කර ඇත්තේ 2015 දීය. ඒ නේපාල රුපියල් මුද්‍රණය කිරීම මගිනි.
නේපාල මුදල් මුද්‍රණය කිරීම ආරම්භ කිරීමෙන් පසුව තායිලන්ත, ශ්‍රීලංකාව, බ්‍රසීලය, බංග්ලාදේශය, මැලේසියා ව්‍යවහාර මුදල් මුද්‍රණය කිරීමේ ටෙන්ඩර ද ඔවුන්ට ලැබී ඇත.
ලොව ඇති විශාලතම මුදල් නෝට්ටු මුද්‍රණ ආයතනය වන්නේද චීන බැංකු නෝට්ටු මුද්‍රණ ආයතනයයි.
ඒ අනුවද චීනය දැන් ශ්‍රී ලංකාවේ භාවිත වන ව්‍යවහාර මුදල් මුද්‍රණය කිරීම ද ආරම්භ කර ඇත.
COMMENTS