රථ වාහන වැරදි සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය. ඒ ඊයේ කොළඹ පැවති උත්සවයකට එක...
රථ වාහන වැරදි සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.
ඒ ඊයේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමිණි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“වරදක් කරපු කිසිවෙක් රථ වාහන වරදක්, ඔහුගේ හෝ ඇයගේ දුරකථන අංකයෙන් හෝ වෙනත් කෙනෙක් මාර්ගයෙන් හෝ මම පොලිස්පතිවරයා හැටියට පොලිස්පති හෝ වෙනත් කිසිදු නිලධාරියෙක් සමාජයේ කවුරුන් හෝ බලවත් කෙනෙක් කතා කරන කිසිදු දුරකථනයකට පිළිතුරු දෙන්න, ඔබ බැඳිලා නැහැ එපා කියලා මම පැහැදිලිවම කියනවා. ඔබ බය නැතුව නීතිය කරන්න.”
COMMENTS