දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බස් ධාවනය සාමාන්‍ය පරිදි
Homeප්‍රවෘත්ති

බස් ධාවනය සාමාන්‍ය පරිදි

PropellerAds

පෞද්ගලික බස් රථ සේවකයන් වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණද බොහෝ පෞද්ගලික බස් රථ වෙනදා මෙන් අද දිනයේදීත් ධාවනය වන තත්ත්වයක් දක්නට ලැබිණි. මෙම ...

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි
මාවනැල්ල වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස ආගමික අන්තවාදී කල්ලියක්?
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ CIDයට
බස් ධාවනය සාමාන්‍ය පරිදි

පෞද්ගලික බස් රථ සේවකයන් වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණද බොහෝ පෞද්ගලික බස් රථ වෙනදා මෙන් අද දිනයේදීත් ධාවනය වන තත්ත්වයක් දක්නට ලැබිණි.

මෙම වර්ජනය සඳහා පෞද්ගලික බස් රථ රියඳුරන් හා කොන්දොස්තරවරුන් එක්ව සිටියත් ඒ සඳහා බස් රථ හිමිකරුවන් එක්ව නොමැත.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන් වර්ජනය ආරම්භ කළේය. ඒ සඳහා තවත් සංගම් කිහිපයක්ද සහාය දක්වයි.

ඇතැම් පෞද්ගලික බස් රථ සංගම් ඉල්ලිම් ගණනාවක් මුල් කර ගනිමින් අද (16) ආරම්භ කරඇති වැඩ වර්ජනයට හැටන් සහ නුවරඑලිය පෞද්ගලික බස් රථ සංගම් කිසිදු සහයෝගයක් දක්වා නැති බව අප හැටන් වාර්තාකරු පැවසීය.

හැටන් බස් නැවතුම්පොලේ සිට සුපුරුදු පරිදි දුර සහ කෙටි දුර ධාවනය සදහා බස් රථ ධාවනයට එක් කර තිබුණි.

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථවලට මහනුවර ප්‍රදේශයේදි කිසියම් පිරිසක් තර්ජනය කල බව එම බස් රථ රියදුරන් කියා සිටිති.

බස් සංගම් පවත්වන්නට යෙදුන වැඩවර්ජනය නිසි ක්‍රමවේදයකින් තොරව ක්‍රියාත්මක වීම නිසා බස්රථ විශාල ප්‍රමාණයක් 16 දින ධාවනය යෙදවූ බව දඹුල්ල නගරයට පැමිණි බස් රථ රියදුරන් සහ බස් රථ සේවකයන් පවසන බව අප වාර්තාකරුවන් පවසති.

දඹුල්ල නගර මධ්‍යයේ 16 දින උදෑසන මගීන්ට ගමන් කිරීම සඳහා අවශ්‍ය බස් රථ ධාවනය වන ආකාරය දැක ගැනීමට හැකි වූ අතර කෙටි දුර ගමන් සේවා සහ දුර ගමන් සේවා බස් රථ බොහොමයක් පෞද්ගලික බස් රථ සහ ලංගම බස්රථ ද සේවයේ නිරතව ඇති  බව බස් සේවකයෝ පවසති .

බස් රථ සේවකයන්ගෙන් වැඩවර්ජනය පිළිබඳව විමසීමේදී කියා සිටියේ වැඩවර්ජනයක් පැවැත්වෙන බව මාධ්‍ය මගින් පමණක් දැනුම් දී තිබෙන බවය. නිසි ක්‍රමවේදයකින් තොරව වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීම නිසා එය අසාර්ථක බව බස්රථ සේවකයෝ පවසති.

දඩ කොල වලට ගෙවන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අසාධාරණ බවත් එහෙත් බස් රථ සංගම් දෙකට බෙදීම නිසා මෙම තත්වය උදා වී ඇති බවත් ඔවුහු පවසති. එමෙන්ම ඇතැම් බස් රථ රියදුරන් කියා සිටියේ වැඩ වර්ජනය කොට බස් රථය නවතා තිබියදී තමන්ගේ අඹුදරුවන්ට බඩගින්නේ සිටීමට සිදුවන නිසා සේවයේ නිරත වන බවය.

බස්රථ හිමිකරුවන් හා බස් රථ සංගම් කෙසේ කීවද බස් රථ ධාවනයෙන් ඉවත් වීමට හැකියාවක් නැති නිසා මෙන්ම නිසි ක්‍රමවේදයක් නොමැති නිසා දිවයිනේ පුරාම බස් රථ ධාවනයේ යෙදෙන බව සේවකයෝ වැඩිදුරටත් සඳහන් කර සිටිති.

දඹුල්ල නගරයේ සිටි මගීන්ගෙන් විමසීමේ දී කියා සිටියේ තම ගමනාන්තය දක්වා අවශ්‍ය බස් රථ දඹුල්ල නගරයේ පැවති බවය. වැඩවර්ජනයක් පැවැත්වෙන ආකාරයක් තමන්ට දැක ගැනීමට නැති බව මගීහු පවසති.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බස් ධාවනය සාමාන්‍ය පරිදි
බස් ධාවනය සාමාන්‍ය පරිදි
http://am.lk/media/k2/items/cache/e74d74f07fb872d901ca61c9f2f140d4_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_898.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_898.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy