තායිලන්තයේ නගර කිහිපයක සිදුවූ බෝම්බ පිපුරුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 04දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් බොහෝ පිරිසකට තුවාල සිදුවී ඇ...
තායිලන්තයේ නගර කිහිපයක සිදුවූ බෝම්බ පිපුරුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 04දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් බොහෝ පිරිසකට තුවාල සිදුවී ඇති බවත් විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ෆුකිට් දූපත, ස්වාට්තානි, ක්වා හිං, ප්හාන්ග් නගී ආදී නගරවල මෙම පිපුරුම් සිදුව ඇති අතර තවමත් පිපුරුම්වලින් වූ හානිය පිළිබඳව තක්සේරු කරගත නොහැකි බව එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.
තායි පොලීසිය කියාසිටින්නේ අද (12) දිනයේ තායිලන්ත රැජිනගේ උපන්දිනය යෙදී ඇති බැවින් මෙය දේශීය කඩාකප්පල්කාරීන්ගේ ත්‍රස්ත ක්‍රියාවන් මිස විදේශීය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවයි.
ඒ සම්බන්ධයෙන් විමසීමේදී ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කළේ මෙම ප්‍රහාරවලින් එරට සිටින කිසිදු ලාංකිකයෙකුට හානි සිදුවී නොමැති බවයි.
COMMENTS