දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
''ලබන මාසයේ ශ්‍රී ලංකාවේ නියත වශයෙන්ම ඔමික්‍රෝන් රැල්ලක්'' - මහාචාර්ය අර්ජුන ද සිල්වා
Homeප්‍රවෘත්ති

''ලබන මාසයේ ශ්‍රී ලංකාවේ නියත වශයෙන්ම ඔමික්‍රෝන් රැල්ලක්'' - මහාචාර්ය අර්ජුන ද සිල්වා

PropellerAds

ඔමික්‍රෝන් රැල්ලක් නියත වශයෙන් ම ශ්‍රී ලංකාවේ ද ඇති වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි...

සිරිකොත පොලිස් ආරක්‍ෂාව තර කරයි.. සජිත් අල්ලන්න එතැයි සැකයක්..
සුමන්දිරන්ගේ මනාප හොරකම් කලා.. යාපනයේ TNA විරෝධතා.. රවිරාජ්ගේ මුහුණ කලු රෙද්දකින් වසයි..
අධිකරණ ඇමතිකම අලි සබ්රිට..? සමාජ ජාල තුලින් විරෝධය
ඔමික්‍රෝන් රැල්ලක් නියත වශයෙන් ම ශ්‍රී ලංකාවේ ද ඇති වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

අප වෙත වෙත අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේ, බොහෝ දුරට පෙබරවාරි මස අග වන විට එම රැල්ල ඇති විය හැකි බව ය.

මේ වන විට ලොව පුරා බොහෝ රටවල්වල ද ඔමික්‍රෝන් රැලි හටගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ද එවැනි රැල්ලක් ඇති වීම වැළැක්විය නොහැකි බව ද මහාචාර්යවරයා අවධාරණය කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ, ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගිය ද අනෙක් ප්‍රභේදවලට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූවන් පෙන්වන රෝග ලක්ෂණ අඩු වීම හේතුවෙන් ඔවුන් නිවසේ තබා ප්‍රතිකාර කළ හැකි බව ය.

ඒ හේතුවෙන්, රෝහල් ධාරිතාව ඉක්මවා යාමේ අවදානමක් ඇති නොවන බව ද මහාචාර්යවරයා පැවසීය.

ඔහු අවධාරණය කළේ, වෛරසය ව්‍යාප්ත වීම සහ ආසාදිතයින් වාර්තා වීම අඩු කර ගැනීමට ඇති එක ම පිළියම එන්නත්කරණය බව ත් තුන් වන මාත්‍රාව ලබා ගැනීම අතිශය වැදගත් බව ත් ය.

එමෙන් ම, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව කටයුතු කිරීම වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

"මෙහෙම රැල්ලක් එයි. මොක ද හැම රටේ ම ඇවිල්ලා තියෙනවා, අපේ විතරක් එන්නේ නෑ කියලා හිතන්න බැහැ. අපි මෙච්චර කල් එහෙම හිතලා වැරදුණා නේ. අනිවාර්යයෙන් එනවා. ඒකට සාමාන්‍ය සෞඛ්‍ය පිළිවෙත් අරගෙන, තුන් වන මාත්‍රාව ත් අරගෙන හිටියොත් අපිට එදිනෙදා ජීවිතේ කරදරයක් නැතිව කටයුතු කරන්න පුළුවන්."

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, පෙර පැවති කොරෝනාවෛරස් ප්‍රභේදවලින් ඇති වූ රැලි මෙන් නොව ඔමික්‍රෝන් රැල්ල ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව ය. 

ඒ හේතුවෙන් නැවත වරක් රට වසා දැමීමේ අවශ්‍යතාවක් ඇති නොවන බව ද මහාචාර්යවරයා වැඩිදුරට ත් පෙන්වා දුන්නේ ය.

-මව්බිම 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ''ලබන මාසයේ ශ්‍රී ලංකාවේ නියත වශයෙන්ම ඔමික්‍රෝන් රැල්ලක්'' - මහාචාර්ය අර්ජුන ද සිල්වා
''ලබන මාසයේ ශ්‍රී ලංකාවේ නියත වශයෙන්ම ඔමික්‍රෝන් රැල්ලක්'' - මහාචාර්ය අර්ජුන ද සිල්වා
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjyq9OBW5luNhmoVfIkBG3D3VADi_FGyv7uj6jVxLadGVWCOOCJjFi4gAW4qScWRm5pD26wWLNVh9Xw4RWISoqj9kT7JZov0KwNPFmhbig6dtr_KSFQ2S5znBqJcflng0AY8jVo2fP6HkE0VuuhqeljcaggsI4rQtZeD5CSVKecNVl8idYop39ECEkwFQ=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjyq9OBW5luNhmoVfIkBG3D3VADi_FGyv7uj6jVxLadGVWCOOCJjFi4gAW4qScWRm5pD26wWLNVh9Xw4RWISoqj9kT7JZov0KwNPFmhbig6dtr_KSFQ2S5znBqJcflng0AY8jVo2fP6HkE0VuuhqeljcaggsI4rQtZeD5CSVKecNVl8idYop39ECEkwFQ=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_488.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_488.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy