සංචාරක කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් සඳහා ‘සංචාරක පොඩ්ඩා’ නමින් රුපියල් ලක්ෂ 5ක ණය මුදලක් ලබාදෙන බවට පවසමින්, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ...
මේ ණය යෝජනා ක්‍රමය මඟින් ණය ලබා ගැනීමට තම පිරිස් අදාළ බැංකුවලට ගොස් එහි කළමනාකරුවන් සමඟ සාකච්ඡා කළ බවත් නමුත් එම ණය ලබාදීම් සම්බන්ධයෙන් ආණ්ඩුවක ඉදිරිපත් කර ඇති චක්‍රලේඛය අනුව එම ණය මුදල් ලබාදීමේ හැකියාව නොමැති බවට බැංකු කළමනාකරුවන් පැවැසූ බවත් ඔහු පැවැසුවේය.
මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ (3දා) ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක කථීකාචාර්ය ආයතනයේදී ඔහු මේ බව සඳහන් කළේය.
ඔහු මෙහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.
‘පසුගිය 21දා ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ සංචාරක ව්‍යාපාරය ව්‍යසනයක් බවට පත්වෙලා. මේ සංචාරක ව්‍යාපාරය, රටේ විදේශ ආදායම්වලින් තුන්වැනි ස්ථානයට ගෙන ඒමට ඍජුවම ක්‍රියාකාරි සාමාජිකයන් විධියට අපේ මාර්ගෝපදේශකවරුන් කටයුතු කරනවා.
අපේ 1800ක පිරිසක් ඉන්නවා. ඒ පිරිස එක්ක අත්වැල් බැඳගත්තා. තවත් ලක්ෂ 10ක පිරිසක් මේ සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් විධියට සම්බන්ධ වෙලා ඉන්නවා.
අපි සංචාරක මාර්ගෝපදේශකවරු විධියට මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙනවා. නමුත් දැන් වෙනකොට මේ සියලු දෙනාගේම ආර්ථිකය බිඳ වැටිලා.
අපේ ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා ඉන්න ලක්ෂ 10කට වඩා පිරිස මේ ආණ්ඩුව දැන් නොමඟ යවලා තිබෙනවා. මුදල් ඇමැති පොරොන්දු වුණා සංචාරක පොඩ්ඩන්ට ලක්ෂ 5ක ණය දෙනවා කියලා. අපි මේ ගැන කතා කරගන්න බැංකුවලට ගියා. බැංකු කළමනාකාරවරු කියනවා මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ආවා. හැබැයි අපේ බැංකුවට ගෙවන්න ඕනි ‘ඉන්වෙස්ට්’ එක මහ බැංකුවෙන් ගෙවනවා කියලා මේ චක්‍රලේඛයේ නැහැ. ඒ නිසා මේ චක්‍රලේඛය අනුව මේ ‘ලෝන්’ එක ලබා දෙන්න ඔවුන්ට හැකියාවක් නැහැ කියලා.
මුදල් අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය කියන මේ අමාත්‍යාංශ හතර නැතිව සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ගමනක් නැහැ. මේ අමාත්‍යාංශ හතර අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕනි. අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා, අපිව නොමඟ යවන්නේ නැතිව හැකි ඉක්මනින් අපිට වන්දි මුදලක් ලබා දෙන්න කියලා.
උදයන්ති මුණසිංහ
මව්බිම

COMMENTS