දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක කරන්න පොහොට්ටුව දැඩිව විරුද්ද වේ !
Homeප්‍රවෘත්ති

මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක කරන්න පොහොට්ටුව දැඩිව විරුද්ද වේ !

PropellerAds

එ ළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට කිසිදු අදහසක් ...

රජයේ පාසල් වල තෙවන පාසල් වාරය නොවැමිබර් 30 න් අවසන්.
කතානායකගෙන් ලියුමක්
විශ්වාසභංගයට අත්සන් කළ අත්සන් ලේඛණය මෙන්න
ළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට කිසිදු අදහසක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.


වර්තමානයේ රට මුහුණ පා තිබෙන අවාසනාවන්ත තත්ත්වයට මෛත්‍රිපාල සිරිසේන මහතා ද මූලිකව වගකිව යුතු බව පැවසූ රණතුංග මහතා ඔහුට නැවත වරක් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ උඩුගම්පොළ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

දැන් මේ රටේ ජනතාවට යහපාලන ආණ්ඩුව තිත්ත වෙලා තියෙන්නේ. ඒ ආණ්ඩුවේ කිසිම කෙනකුට නැවත වරක් රටේ පාලන බලය හිමිකර දෙන්න ජනතාව සූදානම් නැහැ. ඒ කාරණය ජනාධිපතිවරයාට වගේම අගමැතිවරයාටත් අදාළයි. නැවත වරක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න වර්තමාන ජනාධිපතිවරයාට කිසිම අවස්ථාවක් නැහැ.

මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම තීන්දුවක් අරගෙන නැහැ. අපේ අපේක්ෂකයා තීන්දු කරන්නේ මහින්ද මහත්මයා විසින් කියන කාරණය අපි පැහැදිලිව කියලා තිබෙනවා. හැබැයි එහෙම කියලා මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කරන්න අපි සූදානම් නැහැ.

මහින්ද මහත්තයා කිව්වත් මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති පුටුවේ නැවත වරක් වාඩි කරවන්න අපි සූදානම් නැහැ. අද රටට උදා වෙලා තියෙන කණගාටුදායක වාතාවරණයට මූලිකව වගකිවයුත්තේ වර්තමාන ජනාධිපතිවරයා බව අපට අමතක කරන්න බැහැ. මේ ඉරණමට රට ඇදලා දැම්මේ මෛත්‍රිපාල ජනාධිපතිවරයයි.

දයාසිරි මන්ත්‍රීවරයට අමතක වෙලා තියෙනවා රටට වින කටින මේ ආණ්ඩුවේ සාමාජිකයන් වෙලා එයත් හිටියා කියලා. අවුරුදු හතරක් තිස්සේ රට අගාධයට ඇදගෙන යන්න උදව් කරපු දයාසිරිලට දැන් තමයි ඒකාබද්ධ විපක්ෂය මතක් වෙලා තියෙන්නේ. මෙදා පාරත් රැවටෙන්න අපි සූදානම් නැහැ.

මේ රටේ ජනතාව දැන් පැහැදිලි මතයක ඉන්නවා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට රට භාර දෙන්න ඕනේ කියලා. ජනතාව විශ්වාස කරනවා මේ රට ගොඩනගන්න පුළුවන් ඒ කන්ඩායමට පමණයි කියලා. ඒකෙන් ප්‍රයෝජන ගන්න තමයි දයාසිරිලා මේ උත්සාහ කරන්නේ.

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ කෙනෙක් කරේ තියාගෙන ජනතාව හමුවට යන්න අපට බැහැ. එහෙම වුණොත් ජනතාව අපවත් එළවා ගනියි. අපි අවුරුදු හතරක් තිස්සේ මේ ආණ්ඩුවට විරුද්ධව සටන් කළා. ජනතාව ඒ සටනට සහය දුන්නා. ඒ නිසා ජනතාව රවටන්න අපට බැහැ.

රතන හිමියන්ගේ උපවාසයට ඒකාබද්ධ විපක්ෂය වශයෙන් අපේ සහය හිමිවෙනවා. මේ ජනතා ද්‍රෝහී  ඇමැතිවරුන් එළවන්න අපි මුල සිටම සටන් කළා. අපේ සටනට තවත් අය දායක වෙන එකට අපේ අකැමැත්තක් නැහැ. හැබැයි මේ පිටුපස වෙනත් අරමුණු තියෙනවාද කියන එක ගැනත් අපි කල්පනා කරන්න ඕනේ.

අද ආණ්ඩුවට විරුද්ධව කතා කරන මේ අයම තමයි 2015 දි මේක රත්තරන් ආණ්ඩුවක් කියලා ජනතාව රැවටුවේ. අපට තියෙන ප්‍රශ්නය රටෙන්ම ආණ්ඩුව ප්‍රතික්ෂේප වෙමින් තියෙන වෙලාවක සරත් විජේසූරියලා, රතන හිමියෝ වගේ අය සැරසෙන්නේ කුමකටද කියන සාධාරණ සැකය අපට තිබෙනවා.

ආණ්ඩුව ගෙනාපු රතන හිමියන්ටම අද ආණ්ඩුව විරුද්ධව උපවාස කරන්න සිද්ධ වෙලා තියෙන්නේ 2015 දී ජනතාව හමුවේ බොරු කරපු නිසයි. ආණ්ඩුව ගැන උන්වහන්සේලා දීපු ගැරැන්ටිය විශ්වාස කරලා තමයි ජනතාව ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළේ.

ඒ නිසා දැන් හරි උන්වහන්සේලා නිවැරැදි පැත්ත තෝරා ගැනීම ගැන සතුටු වෙනවා. ඒ වගේම අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා නැවත වරක් වැරැදි තීන්දු ගන්නේ නැතිව ආණ්ඩුවට එරෙහිව කරන සටන අඛණ්ඩව ඉදිරියට කරගෙන යන්න කියලා. ඒකට අපේ සහය හිමි වෙනවා.

අනාගතයේදි අපි හදන ආණ්ඩුවට කිසිම අවස්ථාවක මුස්ලිම් අන්තවාදීන්ගේ සහයෝගය ගන්නේ නැහැ. විශේෂයෙන් රිෂාඩ්, හිස්බුල්ලා, සාලි වගේ ත්‍රස්තවාදී ඇමැතිවරුන්ට අපේ ආණ්ඩුවේ ඉඩක් නැහැ. ඒ විතරක් නෙමෙයි රාජිත, මංගල වගේ දේශද්‍රෝහී ඇමැතිවරුන්ටත් අපේ කදවුරේ ඉඩක් නැති බවත් කියන්න කැමැතියි.

– ප‍්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක කරන්න පොහොට්ටුව දැඩිව විරුද්ද වේ !
මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක කරන්න පොහොට්ටුව දැඩිව විරුද්ද වේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiG-nxGQnNSfSwWxksHwD6nLWCpitAYoPE3K-8Ai6aGkyxUP19tfjyiiu5l_wipPxikCx8qI-Bdx3vTbGIev7wPLnOmi1ANdQZIoEHzUJdcE1M-1YScZLpMljz0DtbkUSCpXBDrak6zT1ml/s320/slpp-slfp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiG-nxGQnNSfSwWxksHwD6nLWCpitAYoPE3K-8Ai6aGkyxUP19tfjyiiu5l_wipPxikCx8qI-Bdx3vTbGIev7wPLnOmi1ANdQZIoEHzUJdcE1M-1YScZLpMljz0DtbkUSCpXBDrak6zT1ml/s72-c/slpp-slfp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_74.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_74.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy