දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

හිටපු ජනාධිපති පුතෙක් වාහන ජාවාරමක පිටරටින් වාහන ගෙනත් රේගුවෙන් පන්නා විකුණලා – CID ය විමර්ෂණ අරඹයි

හිටපු ජනපති පුතෙක් විසින් රේගු බදු වංචා කරමින් රුපියල් කෝටි ගණනක් වටිනා සු‍ඛෝපභෝගි මෝටර් රථ මෙරටට හොර රහසේ රැගෙන ආ ඡාවාරමක් සම්බන්ධයෙන් අපරා...

හිටපු ජනපති පුතෙක් විසින් රේගු බදු වංචා කරමින් රුපියල් කෝටි ගණනක් වටිනා සු‍ඛෝපභෝගි මෝටර් රථ මෙරටට හොර රහසේ රැගෙන ආ ඡාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍ේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇත.

මෙම ජාවාරම ක්‍රියාත්මක වී ඇත්තේ පසුගිය ආණ්ඩු කාලවල දීය.කන්ටේනර්වල සඟවා සංවිධානාත්මක ලෙස මෙරටට රැගෙන ආ වාහන කිහිපයක් ගැන තොරතුරු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙනද ඇත. එම වාහනද පරිහරණය කරනු ඇතැයි පෙනී ගොස් ඇත්තේ දේශපාලනයට සම්බන්ධ අයගේ දරුවන්ය. ඒ සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට කරුණු සොයා බලමින් පවතී. හිටපු ජනාධිපතිවරයාගේ පුතා විසින් එසේ කන්ටේනර්වලින් පන්නා මෙරටට රැගෙන ආ වාහන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරින්ගේ සහයෙන් ලියාපදිංචි කර ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එසේ හොර පාරෙන් ආ වාහනයක් ගැන විමර්ශන පැවැත්වීමේදී එම වාහනයේ ලියාපදිංචි හිමිකරු බව පැවසෙන දේශපාලනඥයෙකුගේ පුතෙකු ලියාපදිංචි වාහනයට රේගු බදු ගෙවා ඇති බව ද පෙනී ගොස් තිබේ. එවැනි වාහන රාජසන්තක කරනවා වෙනුවට බදු ගෙවීමට අවස්ථාව ලබාදීමක් ගැනද තොරතුරු අනාවරණය වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයකදී තවත් එවැනිම වාහනයක් අත්අඩංගුවට ගෙන තිබේ. එම වාහනය අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණ්ඩු පෙරළියට ටික කලකට පෙරය. එහිදී එම වාහනය භාරව සිටි පුද්ගලයා එය ජනපති පුතෙකුට අයත් එකක් බව පවසා ඇති බව ද සඳහන්ය. එම වාහනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා රේගුවට භාරදී ඇති බවත් වත්මන් ආණ්ඩුව බලයට ඒම හේතුවෙන් එම වාහනයටද බදු ගෙවා නිදහස් කර ගැනීමට හැකිවී නැති බව සඳහන්ය. එය තවදුරටත් රේගු භාරයේ ඇති බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඉදිරි සතිය තුළ හිටපු ජනපති පුතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වීමට නියමිත බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30342,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු ජනාධිපති පුතෙක් වාහන ජාවාරමක පිටරටින් වාහන ගෙනත් රේගුවෙන් පන්නා විකුණලා – CID ය විමර්ෂණ අරඹයි
හිටපු ජනාධිපති පුතෙක් වාහන ජාවාරමක පිටරටින් වාහන ගෙනත් රේගුවෙන් පන්නා විකුණලා – CID ය විමර්ෂණ අරඹයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh09qJhVgC7zvc4w5Cjd2qHXUMZABSO8XHNPy-io3fCI-K83mCOTTw9gOEE0Nw8X45p80XhykMWItoC_P7J5EU0tpcpPlb7-qWw7YucUiJOaId-MeFUYePKFOY2kUToVuM3skEvUc_9eTEvAq4X0scfm4IQxy2_B4zWY8qLRAVUne3w0AicI3mT7vFnS8Bf/s320/vehecale.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh09qJhVgC7zvc4w5Cjd2qHXUMZABSO8XHNPy-io3fCI-K83mCOTTw9gOEE0Nw8X45p80XhykMWItoC_P7J5EU0tpcpPlb7-qWw7YucUiJOaId-MeFUYePKFOY2kUToVuM3skEvUc_9eTEvAq4X0scfm4IQxy2_B4zWY8qLRAVUne3w0AicI3mT7vFnS8Bf/s72-c/vehecale.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/07/cid.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/07/cid.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy