පාතාල කල්ලි නායක කංචිපානි ඉම්රාන් විසින් දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංඛ මහතාට දුරකථනයෙන් සිදුකළ මරණීය තර්ජන සම්බන්...
පාතාල කල්ලි නායක කංචිපානි ඉම්රාන් විසින් දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංඛ මහතාට දුරකථනයෙන් සිදුකළ මරණීය තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික පෙරහැරේ කාවඩි නර්තන කණ්ඩායම් ප්‍රමාණය අඩු කිරීමක් මුල්කර ගනිමින් විදේශගතව සිට මෙම තර්ජනය කර ඇති අතර, මෙම පාතාල අපරාධකරුවන්ගේ හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතය.
මෙම සිද්ධිය මුල්කර ගනිමින් දකුණේ පාතාල කල්ලි නායකයකු වන "දෙහිබාලේ මල්ලි" නමැත්තාද තර්ජනය එල්ල කරන හඬපටයක් සමාජ මාධ්‍යවල සංසරණය වන අතර, මේ හේතුවෙන් දෙවුන්දර විෂ්ණු දේවාලයේ පෙරහැර සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ඇතුළු 1,000කට අධික ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසකගේ දැඩි ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කර තිබේ.
මේ පුවත තව අයට බලන්න

COMMENTS