මෝටර් රථයකින් පැමිණි පිරිසක් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය පිටුපස පිහිටි නිවසක් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් තිබේ. මෙම වෙ...
මෝටර් රථයකින් පැමිණි පිරිසක් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය පිටුපස පිහිටි නිවසක් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් තිබේ.
පොලිස් පරීක්ෂණවලට අනුව, මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි උණ්ඩ කිහිපයක් නිවසේ ඉදිරිපස බිත්තියට වැදී ඇත.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත දෙවිනුවර ඇසළ පෙරහරේ ගමන් ගන්නා කාවඩි නර්තන කණ්ඩායම් දෙකක් අතර පවතින ආරවුලක් මෙම ප්‍රහාරයට මුල් වී ඇති බවට සැක කෙරේ.
මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවට ද පොලිසිය සැක පළ කරයි.
මෙම වෙඩි තැබීමෙන් අනතුරුව, සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'දෙහිබාලේ මල්ලී' නමැත්තා විසින් නිකුත් කළ බවට සැක කෙරෙන හඬපටයක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මේ අතර, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කංජිපානි ඉම්රාන්' විසින් කතරගම බස්නායක නිලමේවරයාට තර්ජනය කරන හඬපටයක් ද මීට සමගාමීව ප්‍රසිද්ධියට පත්ව ඇත.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතා සඳහන් කළේ, තමන්ට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගන්නා බවයි.
මීට පෙර ද බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකු විසින් බස්නායක නිලමේවරයාගෙන් දුරකථන මාර්ගයෙන් මුදල් ඉල්ලා තර්ජනය කර ඇති බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙවිනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ පුවත තව අයට බලන්න

COMMENTS