පාපොච්චාරණය කැමති නම් නොකරන්න ඉඩ ඇත දෙවියන් සිටියි දැයි වටපිට බලා විමසන්න ජූරිය ඔබම බැව් ශපථ කර පැවසිය හැක. දෙඅත් බැඳගෙන යොමා න...
පාපොච්චාරණය
කැමති නම් නොකරන්න ඉඩ ඇත
දෙවියන් සිටියි දැයි
වටපිට බලා විමසන්න
ජූරිය ඔබම බැව්
ශපථ කර පැවසිය හැක.
කැමති නම් නොකරන්න ඉඩ ඇත
දෙවියන් සිටියි දැයි
වටපිට බලා විමසන්න
ජූරිය ඔබම බැව්
ශපථ කර පැවසිය හැක.
දෙඅත් බැඳගෙන
යොමා නිලුපුල් දෑස පහතට
කියවන්න මා සමග ඔරසන්.
අමතක වීද බයිබලය
කමක් නැහැ
මා කීවාට පසුව කියවන්න
අදට පමණක්.
උදෑසන දෙව් මෙහෙය අවසන්ව
බැස මා සමඟ පඩිපෙළ
දේවස්ථාන මාවතට පිවිසෙන්න,
අල්ලා ගත හැකිය එවිට
ඔබේ අත පෙර සේ මට.
දැන් අමන්ගල්ල වුවාට
මම කැමති ඔරියන්ටල්ය කීමය
නම වෙනස් කෙරුවාට හෝටලය
ඔබ මෙන්ම මට තවම පුරුදුය.
ලන්දේසි රෝහල පසු කර
පරණ බිං ගේ පාරට
උසාවිය ලඟින් යන විට
අත් නොහැර බැඳුනු මා අත
පිවිසෙන්න වෙරළ පාරට.
COMMENTS