පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස ඇති සැබෑ කුමන්ත්‍රණය දැන් හෙළිදරව් වෙමින් පවතින බැවින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ම...
පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස ඇති සැබෑ කුමන්ත්‍රණය දැන් හෙළිදරව් වෙමින් පවතින බැවින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව 'පාස්කු යුක්ති සටනේ ජනතා සාමුහිකයේ' කැඳවුම්කරු චමීර පෙරේරා මහතා අවධාරණය කරයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තීරණාත්මක සාක්ෂි ලබා දී ඇති බවයි.
රාජපක්ෂ පවුල සහ ඔවුන් වටා සිටින පිරිස පාතාල කල්ලියක් මෙන් ක්‍රියා කරමින්, කුලී මිනීමරුවන් යොදාගෙන පරීක්ෂණ වෙනතකට යොමු කිරීමට උත්සාහ කළ බවට ද ඔහු චෝදනා කළේය.
ජාතික ආරක්ෂාව තහවුරු කරන බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූයේ පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන බවත්, එය සැලසුම් සහගත දේශපාලන කුමන්ත්‍රණයක් බවත් පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
"මළකුණ කර තබාගෙන ගොස් බලය ලබාගත් පිරිස දැන් හෙළිදරව් වෙමින් පවතිනවා. මේ ම්ලේච්ඡ ප්‍රහාරය පිටුපස සිටි සැබෑ මොළකරුවන් කවුදැයි මුළු රටම දැන් දන්නවා," යැයි ඔහු පැවසීය.
සිංහල බෞද්ධ අනන්‍යතාවය ආරක්ෂා කරන බව පවසමින් සිදුකළ මහා පරිමාණ වංචා සහ අපරාධ දැන් හෙළිවෙමින් පවතින බවත්, සැබෑ බෞද්ධයන් කිසිසේත් මෙවැනි මිනීමරු දේශපාලනයකට සහාය නොදක්වන බවත් ඔහු අවධාරණය කළේය. ආගමික නායකයන් පවා රවටමින් බලය ලබාගත් මෙම වනචර දේශපාලනය අවසන් කළ යුතු බව ඔහුගේ අදහසයි.
වත්මන් රජය සහ ජනාධිපතිවරයා මෙම පරීක්ෂණ තවදුරටත් ප්‍රමාද නොකළ යුතු බවත්, වහාම ක්‍රියාත්මක වී වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බවත් චමීර පෙරේරා මහතා මෙහිදී ඉල්ලා සිටියේය. "මේක තවත් මාසයකට දෙකකට ඇදගෙන යන්න එපා. මේ Deep State විසින් නිර්මාණය කළ කුමන්ත්‍රණය අවසන් කර ජනතාවට යුක්තිය ඉටු කරන්න," යැයි ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
මේ පුවත තව අයට බලන්න

COMMENTS