ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව සිදුකරන ප්‍රතිප්‍රහාර දැඩි කරමින්, සෞදි අරාබියේ පිහිටි ප්‍රධානතම ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයක් වන 'ප්‍රින්ස් ...
ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව සිදුකරන ප්‍රතිප්‍රහාර දැඩි කරමින්, සෞදි අරාබියේ පිහිටි ප්‍රධානතම ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයක් වන 'ප්‍රින්ස් සුල්තාන්' (Prince Sultan) ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඉරානයේ තස්නිම් පුවත් ඒජන්සිය වාර්තා කරන පරිදි, පර්සියානු ගල්ෆ් කලාපයේ වොෂින්ටන් පාලනය සතු වැදගත්ම හමුදා මධ්‍යස්ථානයක් වන මෙම කඳවුර වෙත ඉරාන මිසයිල පතිත වී ඇත.
ඇමරිකානු ගුවන් යානා සඳහා ඉන්ධන සපයන ටැංකි, පේට්‍රියට් මිසයිල පද්ධති සහ තාඩ් ගුවන් ආරක්ෂක පද්ධති මෙම කඳවුරේ ස්ථාපිත කර තිබුණි.
මෙම ප්‍රහාරයත් සමඟ සෞදි අරාබියේ අල් කර්ජ් සහ යාන්බු ප්‍රදේශවල පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සක්‍රීය කර ඇති අතර, ඉරාන මිසයිල දියත් කිරීම් හඳුනා ගැනීමත් සමඟ එම ප්‍රදේශවල අනතුරු ඇඟවීමේ සිරින් හඬ නිකුත් වී ඇති බව වාර්තා වේ.
දෙරට අතර පැවති සාම ගිවිසුම බිඳ වැටීමෙන් අනතුරුව, ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව අඛණ්ඩව හත්වන දිනටත් හමුදා මෙහෙයුම් දියත් කරමින් සිටින පසුබිමක ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
මෙම නවතම ප්‍රහාරයත් සමඟ කලාපීය යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් මතුව ඇත.
මේ පුවත තව අයට බලන්න

COMMENTS