දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

“මෙල්වා සිමෙන්ති” වංගුවකට මහජන විරෝධයක්!

කටුනායක ගුවන් තොටුපොළ 18 කණුව මංසන්ධිය අසල, තරු පංතියේ සංචාරක හෝටලයක් ඉදි කරන මුවාවෙන් මෙල්වා සිමෙන්ති (පුද්) සමාගම සිමෙන්ති නිෂ්පාදන සහ ඇසු...

කටුනායක ගුවන් තොටුපොළ 18 කණුව මංසන්ධිය අසල, තරු පංතියේ සංචාරක හෝටලයක් ඉදි කරන මුවාවෙන් මෙල්වා සිමෙන්ති (පුද්) සමාගම සිමෙන්ති නිෂ්පාදන සහ ඇසුරුම් කර්මාන්තශාලාවක් ඉදි කිරීමකට එරෙහිව ප්‍රදේශවාසිහු පෙරේදා (28) උදෑසන විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

ඉකුත් 2020 වසරේ දෙසැම්බර් 12 වැනිදා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මීට අදාළ ගොඩනැගිලි සැළසුම අනුමත කර ඇති අතර, 2025 දෙසැම්බර් 25දා නාගරික සංවර්ධන අධිකාරිය විසින් අදාළ සංවර්ධන බලපත්‍රය නිකුත් කර තිබේ.

අක්කර 06 රූඩ් 01ක වපසරියකින් යුතු මෙම ඉඩමේ වර්ග මීටර් 3,857ක තනි මහල් ගොඩනැගිල්ලක් සඳහා මුලින් අනුමැතිය ගෙන ඇති අතර පසුව එය වර්ග මීටර් 12,925 ක වපසරියකින් යුතු පස් මහල් සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලා ගොඩනැගිලකට අදාළ බලපත්‍රයක් දක්වා වෙනස් කර ලබා ගෙන ඇති බව විරෝධතා කරුවෝ කියති.

කොළඹ – කටුනායක ප්‍රධාන මහා මාර්ගයේ සිට කළපුව දක්වාම මේ ඉදිකිරීම විහිදී තිබේ.

ලියනගෙමුල්ලේ කඩොලානටත් ප්‍රශ්නයක්

එමගින් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය, කටුනායක ගුවන් තොටුපොළ, ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටල් සමූහය, ප්‍රසිද්ධ ජාත්‍යාන්තර පාසැල් 03 ක්, මීගමුව කළපුව සහ එහි රැකියාවෙහි නිරත ධීවර ජනතාව, අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර ඇති ලියනගෙමුල්ලේ කඩොලාන සංරක්ෂිත වනාන්තරය, කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නිරත සේවිකාවන්ගේ නේවාසිකාගාර මෙන්ම මුතුරාජවෙල සංචාරක බෝට්ටු ව්‍යාපාරයේ නිරත වූවන්ද ඍජුවම බලපෑමකට ලක්වන බව පැවසේ.

අතිශය සංවේදී ජනාවාස සහිත ව්‍යාපාරික සහ සංචාරක කර්මාන්තයෙහි ප්‍රවර්ධනයක් සහිත මෙම ප්‍රදේශයේ, සිමෙන්ති දූවිලි (Cement Dust) වලින් පිරුණු පරිසර පද්ධතියක් නිර්මාණය වීම, බලවත් ගැටලු මතු කරන බව මෙම විරෝධතාවට සහභාගී වූ ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ .

මේවන විට රාජ්‍ය නිලධාරීන් විසින් නිසි ඇගැයීමකට ලක් නොකර ලබා දුන් බලපත්‍ර මත නාගරික සංවර්ධන අධිකාරියේ කොන්දේසිද උල්ලංඝණය කරමින් මෙම කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කඩිනමින් සිදු කරන බවට ප්‍රදේශවාසීහු වෝදනා කරති.

කෙසේවුවද, මේ පිළිබඳ දැනුවත් කිරීමක් සහිත කිසිදු පුවරුවක් හෝ මේ වන තෙක් ඉදිකිරීම් භූමියෙහි සවි කර නොමැතිවීම ද විරෝධතා කරුවෝ ප්‍රශ්න කරති.

විරෝධතාවට ප්‍රදේශයේ බෞද්ධ, කතෝලික ආගමික පූජකවරුන්, ධීවර ජනතාව, පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන්, ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානවල සාමාජිකයන්, ප්‍රදේශයේ සංචාරක හෝටල්වල ව්‍යවසායකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙල්වා කාගෙද ?

මෙල්වා සමූහ ව්‍යාපාරයෙ සභාපතිවරයා ලෙස පෙරියසාමි පිල්ලෙයි අනන්දරාජා මහතා කටයුතු කරන අතර ඔවුන්ගේ සමූහ ව්‍යාපාරයට Melwire Rolling (Pvt) Ltd, Melwa Cement, Melwa Hotels, Melwa International ඇතුළු ව්‍යාපාර ඇතුළුව තිබේ.

එය සහෝදරයින්ගෙන් සමන්විත ව්‍යාපාරයක් ලෙස ප්‍රචලිත අතර, පී. පී. භාරතමණිකම්, පී. පී. දේවරාජා, දිවික් භාරතමණිකම් හා ෂන්දීප් සේගර් එහි සෙසු අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරනු ලබයි.

මේ අතර, මේ මස මුලදී ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සිස් පීඑල්සී (Prime Lands Residencies PLC) සහ මෙල්වා සමූහය (Melwa Group) එක්ව “Prime–Melwa” නමින් පොර්ට් සිටි කලම්බෝ හි අක්කර 4ක පමණ ජලාශ්‍රිත ඉඩමක් ඇමරිකානු ඩොලර් මිලියන 57.6කට මිලදී ගෙන මිශ්‍ර භාවිත (Mixed-use) දේපළ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන බව නිවේදනය කළේය.



















-srilankamirror
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30342,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “මෙල්වා සිමෙන්ති” වංගුවකට මහජන විරෝධයක්!
“මෙල්වා සිමෙන්ති” වංගුවකට මහජන විරෝධයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjAcEcZGml9zz918S2AWghLuit3Qe4Su-EWyqnE83mZHmC69SKVvtIcAD1lFPdlCxgvylz6IAHUXcmjszHvSqyzn08-pTg4YRZOBypR8J3e4NFp-zjrAb0Ow_RZnj2h2NSxV8S8e9qP6wpMyMYV1YrpwGBqTihsuGPyFy8v7kyc1DV9XNmyp3UZ-WvIgYh/s320/MELWA_Protest.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjAcEcZGml9zz918S2AWghLuit3Qe4Su-EWyqnE83mZHmC69SKVvtIcAD1lFPdlCxgvylz6IAHUXcmjszHvSqyzn08-pTg4YRZOBypR8J3e4NFp-zjrAb0Ow_RZnj2h2NSxV8S8e9qP6wpMyMYV1YrpwGBqTihsuGPyFy8v7kyc1DV9XNmyp3UZ-WvIgYh/s72-c/MELWA_Protest.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/06/blog-post_591.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/06/blog-post_591.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy