මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව තමන්ට එරෙහිව ආරම්භ වූ පරීක්ෂණ මඟහැරීම සඳහා, වයඹ පළාතේ ඉහළ ධුරයක් හෙබවූ විපක්ෂයේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකු මෙ...
මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව තමන්ට එරෙහිව ආරම්භ වූ පරීක්ෂණ මඟහැරීම සඳහා, වයඹ පළාතේ ඉහළ ධුරයක් හෙබවූ විපක්ෂයේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකු මෙරටින් පලාගොස් ඇති බව තොරතුරු වාර්තා වේ.
ඔහු ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇත්තේ, කොළඹ 07 මල් පාර ප්‍රදේශයෙන් රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතින පසුබිමකය.
අදාළ නිවස මිලදී ගැනීමේදී මෙම දේශපාලනඥයා සිය අනන්‍යතාව භාවිත කළේ ද, නැතහොත් තමා නියෝජනය කරන පක්ෂයේ සෙසු ප්‍රබලයන්ගේ නම් ඒ සඳහා යොදාගත්තේ ද යන්න සොයා බැලීම සඳහා දැනටමත් පුළුල් මට්ටමේ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබේ.
මේ පුවත තව අයට බලන්න

COMMENTS